ගමරාළලාගේ බැරි බැරියාව? වතුර වෙනුවට ගුටි

Published in පුවත්
Tuesday, 13 October 2015 09:31

පානීය ජලය ඉල්ලා පිරිසක් තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ පල්ලේමලල හන්දියේදී ආරම්භ කළ විරෝධතාවයක් පොලීසිය හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විසුරුවා හැර තිබේ.

එහිදී පොලීසිය වාහන ගමනා ගමනයට ඉඩදී මාර්ගයෙන් ඉවත්ව විරෝධතාවයේ නිරතවන ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එහෙත් ඔවුන් එම ඉල්ලීම නොසලකා විරෝධතා දක්වා තිබේ.

මේ අවස්ථාවේදී කැරලි මර්දන ඒකකය මැදිහත් වී ඔවුන් අවම බලය යොදා ඉවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේදී ‍විරෝධතාකරුවන්ගේ ගල්මුල් ප්‍රහාරයකින් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

විරෝධතාකරුවෙකු ද මෙහිදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම ගැටුමේදී හම්බන්තොට මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලැබූවන් අතර සිටින බව පැවසෙන අතර සැකකරුවන් 6ක්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.


හම්බන්තොට ජල ගැටුමින් පොලීසිය කියන පරිදි ඔවුන්ද තුවාල ලබා ඇත. මීට පෙර ආයුධ පෙන්වීමටයැයි කියමින් සැකකරුවන් ඝාතනය සඳහා ගෙනගිය සෑම අවස්ථාවකම සැකකරුවාගෙන් පහර කෑ පොලිස් නිලධාරියකු ද රෝහල්ගත වුණා අපට මතක ය.

එසේම හම්බන්තොට ජනතාව කියා පෙන්වනා කවුරුන් හෝ විසින් මීට පෙර රාජපක්ෂ ආණ්ඩු සමයේ එහි වරාය නිරීක්ෂණයට ගිය එජාප මන්ත්‍රීවරුන්ට පහර දුන්නා ද අපට මතක ය. සෙල්ලම් පිස්තෝල රැගෙන නගරාධිපතිවරයාම ආවා ද මාතකය. මේ අප ලියන්නේ බෙලි අත්තේ ගමරාළලාගේ නොහැකියාවේ කතාව සහ ප්‍රජාතන්ත්‍රවාදී මහත්මා කියන යහපාලනයේ පෙරමඟ ලකුණු පිළිබඳව කතාවය.

මේ විනිශ්චයක් නොවේ. මිනිසුන්ට පානීය ජලය තිබිය යුතුය. උද්ඝෝෂණය කිරීමේ අයිතිය තිබිය යුතුය. අප පෙනී සිටින්නේ ඒ මිනිස් අයිතීන් වෙනුවෙනි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us