සිංහ රුව උඩු යටිකුරු කළ යටිනුවර ප්‍රා.සභාපති අත්අඩංගුවට

Published in පුවත්
Thursday, 30 July 2015 12:48

ජාතික කොඩිය විකෘති කළැයි සැකපිට යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය ඉරිදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවූ යටිනුවර පැවැති සන්ධාන රැලියේ සැරසිලි කටයුතු සූදානම් කර තිබූ අවස්ථාවේ විකෘති කළ ජාතික කොඩි ඔසවා තිබූ අතර පසුව ඒවා ඉවත් කර තිබුණි.

එම රැස්වීමේ සැරසිලි කටයුතු භාරව සිටියේ යටිනුවර ප්‍රාදේශිය සභා සභාපතිවරයාය. ඒ අනුව ඔහු මහනුවර අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

යටිනුවර ප්‍රදේශයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක ජාතික කොඩියට සමාන කොඩි කිහිපයක් ප්‍රදර්ශනය කර තිබෙනු දැක එය ඡායාරූපගත කිරීමට ගිය මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් කටයුතු කර තිබුණි.

අදාළ සැරසිලි සඳහා එම කොඩි භාවිතය සංවිධායක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සිදුවූ වරදක් බව පවසමින් එම සැරසිලි ඉවත් කරන තුරු තමාව රදවා ගෙන තබා ගත් බවත් පසුව සැරසිලි උත්සව භූමියෙන් ඉවත් කළ පසු තමාව මුදාහැරීමට කටයුතු කළ බවත් ඔහු පවසා සිටියේය.

කෙසේ වුවද පසුගිය මාර්තු මාසයේදී ද මෙය ඔසවා ගත් අතර පසුව එය ජාතික කොඩිය විකෘති කිරීමක් ලෙස සමාජයෙන් එල්ල වු බැලපැම් නිසා යළි සගවා ගත් අතර නැවත මහින්ද රාජපක්ෂ සහභාගි වූ යටිනුවර සන්ධාන රැලියේ මෙය ඔසවනු ලැබීය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us