එදා 'සාජන්ට් නල්ලතම්බි', දැන් 'ජනාධිපති මැදමුලන'

Published in පුවත්
Sunday, 26 July 2015 11:27

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූරාපෙක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ‍රැස්වීම් නැරඹීම සඳහා ජනතාව පොදි කකා එන බව මේ දිනවල රජපක්ෂ හිතවාදී වෙබ් අඩවි වලත් ෆේස් බුක් වැනි සමාජ ජාලාවලත් ඡායාරූප හා වීඩියෝ සිය ගන්නනින් ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරන සමයේදීද දහස, ලක්ෂය කරමින් මෙවැනි දේ සිදු විය. ඉන්පසුව මහින්ද සමඟ නැගිටිමු ‍රැළි මාලාවේදීද නුගේගොඩට ආ පහලොස් දහස පහලොස් ලක්ෂය දක්වා වැඩි කර පෙන්වන ලදී. ඇත්තටම පැමිණි පහලොස් දහසත් රට පුරා පීරා,එකතුකර ගත් පිරිස් බස් රථවල නංවා ගෙන්වා ගත් බවත් රහසක් නොවේ.

ඒ කෙසේ උනත් දැන් මේ ඡායාරූපවල හැටියට මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන කුඩා ජන හමු සඳහාද අති විශාල පිරිසක් ‍රැස්වන බව පෙනී ගොස් ඇත. මේ සම්බන්ධයෙන් කළ සොයා බැලිමකදී හෙළි වූයේ මෙසේ ස්වෙච්ඡාවෙන් පැමිණෙන පිරිස බොහෝමයක් රාජපක්ෂ මහතාට හිතවත් කොටස් හෝ එම සන්ධානයට හිතවත් කොටස් නොවන බවය.

අප දන්නා හඳුනන හිතවතකු මේ ගැන අපූරු කතාව්ක් කීවේය. "නිහාල් සිල්වා කියන්නේ අපිට හිටපු විශිෂ්ට රංග ධරයක්. එයාගේ පුන්තිලා රංගනය බලන්න සෙනග ආවේ නැති වුනාට සාජන්ට් නල්ල තම්ම්බි බලන්න පොරකකා මිනිස්සු ආවා. සමාජයේ පහලම තට්‍ටුවේ එකා ගේ ඉඳලා ඉහළම එකා දක්වා ආවා, විනෝද උණා. පුන්තිලා පෙන්නුවේ සෙනග අද්දලා. හැබැයි නිහාල් සිල්වා ප්‍රබුද්ධ කලාකරුවෙන් කියලා මේ නල්ලතම්බි බලපු කවුරුවත් අදටත් පිළිගන්නේ නෑ.

මේ වෙන්නෙත් ඒකම තමයි. මිනිස්සු දැන් මහින්දගේ ‍රැස්වීමවලට එන්නේ විනෝද වෙලා යන්න. මහින්ද දැන් ලංකාවේ අංක එකේ විකටයා වෙලා ඉවරයි"

Last modified on Sunday, 26 July 2015 11:45

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us