ජවිපෙ ITN නාළිකාවට ගෙවූ ඇත්ත බිල්පත පෙන්වයි

Published in පුවත්
Saturday, 25 July 2015 15:55

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වන 'හෘද සාක්ෂියේ සම්මුතිය' එළිදැක්වීම සිදු කරනු ලැබුවේ ස්වාධින රුපවාහිනී නාලිකාවේ ( ITN ) එම විශේෂ සමුළුව සජීවීව විකාශය කරමිණි.

රටේ වාමාංශික පක්ෂයක් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ විශාල මුදලක් වැය කරමින් රජයේ ආයතනයක් වන ITN නාලිකාවේ ගුවන් කාලය ලබාගැනීම මෙන්ම එය නොමිලේ ලබාගත් බවට චෝදනාද ඔවුන්ට විරුද්ධව එල්ල වී තිබුණි.

පසුව 'හෘද සාක්ෂියේ සම්මුතිය' එළිදැක්වීමේ සජීවී විකාශය සඳහා ගුවන් කාලය ලබා ගත්තේ මුදල් ගෙවීමෙන් පසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටි අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද පවසා සිටියේ ගුවන් කාලය වෙන්කරගැනීමට ජවිපෙ රු. 800,000ක් පමණ මුදලක් වැය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. 

කෙසේ වෙතත් එම සමුළුව විකාශය වීමෙන් අනතුරුව අන්තර්ජාලයේ, විශේෂයෙන්ම ෆේස්බුක් වෙබ් අඩවියේ සංසරණය වූ බිල්පතකින් දැක්වුණේ ජවිපෙ සජීවී විකාශය සඳහා ගෙවා ඇත්තේ රු. 54,600ක් පමණක් බවයි. එමෙන්ම එහි 80% ක වට්ටමක් ගැනද සඳහන් වී තිබුණි.

ව්‍යාජ යයි නම් කරන ලද බිල්පත පහත දැක්වේ.

independent jvp bill


කෙසේවෙතත් බොහෝදෙනාගෙන් නැගුණු ප්‍රශ්න හා චෝදනා වලට ප්‍රතිචාර ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සත්‍ය බිල්පත ලෙස නම් කරන ලද බිල් පතක් facebook ඔස්සේම ඉදිරිපත් කර ඇත.

අනුර දිසානායක මහතාගේ පිළිතුර සහ එම බිල්පත පහත දැක්වේ.

independent jvpbill1

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us