අනිසි ලෙස රාජ්‍ය දේපළ යොදා ගත්තොත් නීති තදයි

Published in පුවත්
Tuesday, 21 July 2015 11:48

මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය දේපළ අනිසි පරිහරණය සිදුවීම වැළැක්වීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා නිකුත් කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයට අයත් නිලධාරීන් අතරින් පෞද්ගලික ලේකම්වරුන්ට පමණක් නිල රථයක් ලබාදිය යුතු අතර අනෙක් සියලුම නිලධාරීන් අදාළ වාහන අමාත්‍යාංශය වෙත ලබාදිය යුතුවෙයි.

ඊයේ(20) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. මේ පිළිබඳව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බව ද වාර්තාවේ.

එසේ නිල වාහන රඳවා තබාගන්නා තැනැත්තන් සම්බන්ධයෙන් රජයේ දේපළ අයුතු පරිහරණය යටතේ නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ද ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ සමයේදී බොහෝ ඡන්ද අපේක්ෂකයන් උත්සහ දරන්නේ රජයේ දේපල භාවිතා කර ගොඩ පීනා ගැනීමටය. නමුත් ඔවුන් පෙනී සිටින්නේ ජනතාව‍ගේ ගැලවුම්කරුවන්,ජනතා සේවකයන් ලෙසය. ජනතා සේවකයන් ලෙස පෙනී සිටිමින් ජනතාව තවතවත් අගාධයට දැමූ සිදුවීම් පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිදුවූ ආකාරය දැන් නොදන්නා කෙනෙක් නොමැත.

එළඹෙන මැතිවරණයේදීද මෙවැනි අනිසි ක්‍රියා සිදුවීමට ඉඩ නොතබා ඒවාට වැට බැදීම සැබෑ ලෙසම සිදුවිය යුතු අතර එ් සදහා පියවර ගැනීම සාර්ථක ලෙස සිදුවන ආකාරයක්ද දක්නට ලැබීම යහපත් ප්‍රවනතාවයකි. එය මැතිවරණ දිනය තෙක්ම නිසි ආකාරව ක්‍රියාත්වක වේ යැයි අප බලාපොරොත්තුවෙන් සිටිමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us