සජීන්ට තියෙන්නේ හොර ලෙඩක්

Published in පුවත්
Monday, 20 July 2015 11:11

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලෙන් ඉවත් කොට සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවකට මාරුකර යවා තිබේ.

සජින් වාස් ගුණවර්ධන මහතාව මෙලෙස සාමාන්‍ය සිරකරුවන් සිටින වාට්ටුවකට මාරුකර යවා ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක ගුණතිලක මහත්මියගේ නියෝගයකට අනුවය.

සජින් වාස් ගුණවර්ධන මහතා චර්ම රෝගයකින් පෙළෙන බව ඔහු අධිකරණයට ප‍්‍රකාශ කළද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ඔහුට එවැනි කිසිඳු රෝගයක් නොමැති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් වූයේය.

සජින් වාස් ගුණවර්ධන මහතාට චෝදනා එල්ල ව ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 16 ක් අවභාවිත කල බවටය.

සාමාන්‍ය පුද්ගලයින් වැරදිකරුවෙකු බව අධිකරණයකින් ඔප්පු වූ විට බන්ධනාගාරයට යැවුවද හිටපු මැති ඇමතිවරු වැරදි කළ විට යන්නේ බන්ධනාගාර රෝහල් වලටය. ඔවුන්ට හිටි අඩියේ රෝග වැළදෙන අතර එම රෝග බොහෝමයක් වැළදෙන ආකාරය පුදුම සහගතය.සජීන් වාස්ටද වැළදී ඇත්තේද එබදු පුද්ම සහගත රෝගයකි. නමුත් ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ විට එම රෝගය පර්යේෂණයට හසු නො‍වේ නම් ඔහු සිදු කරඇත්තේ තවත් මුලාවක්මය.රජයේ දේපල අවභාවිතාවන් සිදු කර තවතවත් බොරු බේගල් ගොතා දඩුවමින් මිදීමට මොවුන්ට කිසිසේත් ඉඩ නොදිය යුතුය.

මැති ඇමති ධුර දැරුවද තමන්ද සාමාන්‍ය ජනතාව අතරින් එක් පුද්ගලයෙකු බව නොසිතන තාක් ඔවුන්ගෙන් ජනතා සේවයක් ඉටු නොවනු ඇත. සජීන් වාස් පමණක් නොව බොහෝමයක් දෙනා මහජන ඡන්දයෙන් පත්ව මහජන දේපල අවභාවිත කර අවසානයේ එයට දඩුවම් විදීමද පැහැර හරින්නට උත්සාහ දරයි.වැරදි කරන්නට පසුබට නොවූවානම් දැන් දඩුවම් විදීමටද පසුබට නොවිය යුතුය. බන්ධනාගාර රෝහල ඇත්තේ රෝගීන් උදෙසා මිස දූෂිතයින්ට සෙවන සැලසීමට නොවන බව වටහා දිය යුතුය.ඉදිරියේදීද දූෂිතයින් බන්ධනාගාර රෝහලේ පිහිට පැතිමට බලා සිටිනවා ඇත.ඒ තත්වය වෙනස් කළ යුතුමය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us