සුසිල් දන්න බම්බුව. බැසිල් පාර්ලිමේන්තු ආවේ ජාතික ලැයිස්තුවේ නම තිබිලද ?

Published in පුවත්
Thursday, 16 July 2015 16:36
හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ගෙන ඒම සඳහා සන්ධානයේ නායකයන් විසින් කුමන්ත්‍රණයක් කළ බව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කල ප්‍රකාශයට සන්ධානයේ ලේකම්  පිළිතුරු බැන්දේ ජාතික ලැයිස්තුවේ නම නැති අයෙකුට පාර්ලිමෙන්තු මන්ත්‍රීධුරයක් ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා නොදන්නා  බව අඟවමින් ඔහුව පාච්චල් කරමිනි. 
 
එහෙත් මහින්ද රාජපක්ෂ විසින් 2007 දී බැසිල් රාජපක්ෂව පාර්ලිමේන්තුවට ගෙන ආවේ කෙසේ දැයි අමතක වී තිබේ.  2004 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවේ තබා මෙරටවත් සිටියේ නැත. එම වසරේ පැවැති ජනාධිපතිවරණයට ලංකාවට පැමිණි බැසිල්ට පාර්ලිමේන්තු වරම් ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වූ අන්වර් ඉස්මයිල් මහතාගේ මරණයෙන් පසුවය. 
 
මේ ආකරයටම ගොඨාභය රාජපක්ෂටද මන්ත්‍රීධුරයක් ලබා ගැනීමට උත්සහ කළද  ඒ වෙනුවෙන් මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වූයේ නැත. 
 
එමෙන්ම සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී අමීර් අලී, සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 2014 වසරේදී දිවුරුම් දුන්නේ සන්ධාන ජාතික ලැයිස්තුවේ නම තිබියදී නොවේ.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු හිටපු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් අලිට මෙම අවස්ථාව හිමිවිය.
 
මෙලෙස ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු නම් කිරීමට අවශ්‍යවන්නේ පක්ෂයේ ලේකම්ගේ අත්සන පමණි. ඉහත මන්ත්‍රීධුර වෙනුවෙන්ද අත්සන් කළේ සුසිල් බව ඔහුට අමතක වී ද නැති නම්  මේ තක්කඩි සැලසුම හෙළි වීම නිසා අමතක කළාදැයි අපි නොදනිමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us