මෛත්‍රී ඡන්දෙට වැඩ කරනවා - වැඩ නෑ ?

Published in පුවත්
Tuesday, 14 July 2015 10:50

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ එක්ව ඡන්ද ප්‍රචාරක කටයුතු මෙහෙයවා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට කටයුතු බව ප්‍රකාශ කර තිබේ.

නාමයෝජනා බාරදීමෙන් පසු රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ අද මහජනතාවට අවශ්‍ය වෙනසක් බැවින් පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ එකතු වී මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවා නිදහස් පක්ෂය ජයග්‍රහණය වෙත ගෙන යාමට පියවර ගන්නා බවයි.

මහින්ද රාජපක්ෂ මෙවර මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වේ.

මේ අතර අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරයන්ට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සක්‍රියව දායක නොවනු ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළ බව ‘‘ ද හින්දු ’’ පුවත්පත පවසා තිබේ.

‘‘ ද හින්දු ’’ පුවත්පත වාර්තා කරන පරිදි මාධ්‍යවේදියෙකු කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ මෛත‍්‍රිපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා මෙන්ම රටේ ජනාධිපතිවරයා බැවින් පක්‍ෂයේ ක‍්‍රියාකාරකම්වලට ඔහු සහභාගි වන්නේ ඒ බව සිහි තබා ගෙන බවයි.

 

Last modified on Tuesday, 14 July 2015 11:31

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us