මහින්ද මුං කිරිබත් බුදිමින් කුරුණෑගල මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අරඹයි

Published in පුවත්
Monday, 13 July 2015 15:35

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන මහින්ද රාජපක්ෂ අද සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කලේය. උදෑසන 5.17ට යෙදී තිබූ නැකතකට අනුව මිරිහාන නිවසින් පිටවූ ඔහු 6.30 පමණ වන විට කුරුණෑගලට ළඟා විය.

ඔහුට නැවතී සිටීම සඳහා කුරුණෑගල වැව රවුමේ පිහිටි සුඛෝපභෝගී නිවසක් කුලී පදනමට ගෙන ඇත්තේ අස්ලිය සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයායි. (ඔහු සතුව මුද්‍රණ ව්‍යාපාරයක් ද පවතින අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස සිටි සමයේදී ටෙන්ඩර් පටිපාටිවලින් තොරව ඔහුට රජයේ ඇණවුම් ලබා දුන්නේය.)

අදාළ නිවස අස්ලිය අධිපතිවරයාගේ නියමයෙන් ඊයේ දිනයේදී ගෘහභාණ්ඩවලින් පුරවන ලදී. එම නිවස සම්පූර්ණයෙන් වායු සමීකරණය කර ඇති අතර සාකච්ඡා කාමර ආදියද වේ.

ඊයේ රාත්‍රී කුරුණෑගලට ගිය බැසිල් රාජපක්ෂ එහිදී අනුර ප්‍රියදර්ශන යාපා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් සමග සාකච්ඡා කල අතර එහිදී බැසිල් පැවසුවේ, මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන් තමන් මෙහෙයවන බවයි.‍

මුං කිරිබත් සහ පෑන් කේක්

කුරුණෑගල බලා ගිය මහින්ද රාජපක්ෂ සඳහා උදෑසන ආහාරය හිතවතෙකුගේ නිවසේ සූදානම් කෙරිණි. එහිදී මහින්ද ඔහුට දන්වා ඇත්තේ තමන්ට මුං කිරිබත් සහ පෑන් කේක් කෑමට අවශ්‍ය බවයි.

නාමයෝජනා භාර දීම

උදෑසන ආහාරයෙන් පසු මහින්ද ඇතුලු පිරිස ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසට ගොස් එතැන් සිට රථ පෙලපාලියකින් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ නාමයෝජනා භාර දීමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත්, මැතිවරණ නීතිය අනුව රථපෙලපාලි යාම නීති විරෝධී බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු අප සමග පැවසීය.

මේ අතර, නාමයෝජනා භාර දීම සඳහා අනුර ප්‍රියදර්ශන යාපා පැමිණි අතර මහින්ද රාජපක්ෂ පැමිණියේ නැත.

lankaleaks.info

 

Last modified on Monday, 13 July 2015 15:40

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us