මහින්ද ආවත් කුරුණෑගල සන්ධාන මන්ත්‍රීවරු හතරපස් දෙනෙක් දැනටමත් පරාදයි Featured

Published in පුවත්
Monday, 13 July 2015 13:04

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කර තිබෙන අපේක්ෂක ලැයිස්තුව අනුව මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ගනණාවකට නියත ලෙසම ගෙදර සිටීමට සිදුවනු ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර ඇත්තේ 15 කි. 2010 වසරේදී ඒ බෙදී ගියේ සන්ධානයට 10 යි එජාපයට 5 යි ලෙසය. පසුව එජාපයෙන් සන්ධානයට දයාසිරි ජයසේකර මහතාද පැමිණියේය. ඔහු පසුව පළාත් සභාවට ගියේය.

මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව මහින්ද රාජපක්ෂ , දයාසිරි ජයසේකර, අතුල විජේසිංහ, ඩි බී හෙරත් වැනි ජනප්‍රිය අපෙක්ෂකයන්ද ඉදිරිපත්ව තිබේ. එමෙනම් මෙවර එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී තැනක සිට තරගයට අවතීරණය වී ඇති බැවින් පෙර මැතිවරණයේදී ලබා ගත් ආසන සංඛ්‍යාව මෙවර සන්ධානයට ලැබිය හැකි වෙතැයි කල්පනා කළ නොහැක.

එමෙන්ම 2010 දී සන්ධානය ගත් ඡන්ද ප්‍රතිශතයට වඩා(429,316 - 63 %), 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ගත් ඡන්ද ප්‍රතිශතය (556,868- 53%) සියයට 10 කින් අඩුවිය. (රාජපක්ෂ 2010 ජනාධිපතිවරනයේදී සියයට 63ක ප්‍රතිශතයක් ඔහු ලබා ගත්තේය )

ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසුව අප්‍රසාදයට ලක්ව සිටින රාජපක්ෂ මහතාට එම ඡන්ද ප්‍රමාණය මෙවර බලාපොරොත්තු විය නොහැක. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද සන්ධානයෙන් කැඩී එන පාවෙන ඡන්ද ප්‍රමාණයක් අපේක්ෂා කළ හැකිය. ඇතැම් විට මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමේ හැකියාවද පවතී.මේ අනුව මෙවර පවතින්නේ කරට කර සටනක් බව පැහැදිලිය.

මේ තත්වයන් අනුව සන්ධානය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර පස් දෙනෙකුටවත් මෙවර අවස්ථාව අහිමි වීම සිදු විය හැකිය. එමෙන්ම සන්ධානයට මන්ත්‍රී ආසන 7 කින් හෝ 8 කින් සෑහීමට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

කුරුණෑගල ලැයිස්තුවේ සිටින හිටපු මන්ත්‍රීවරු


අනුර ප්‍රියදර්ශන යාපා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ටීබී ඒකනායක, ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත්,සාලින්ද දිසානායක, ඉන්දික බණ්ඩාරනායක, තාරනාත් බස්නායක, නිමල් විජේසිංහ, ආර්. ඩී විමලදාස,

එම 10 දෙනා හැරුණු කොට මහින්ද රාජපක්ෂ, දයාසිරි ජයසේකර , අතුල විජෙසිංහ, ඩී බී හේරත් ප්‍රබල අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව තිබේ.

list

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us