ඡන්දපොළ මාරුකර ගැනීමේ ඉල්ලීමට හෙට තෙක් ඉඩ

Published in පුවත්
Monday, 13 July 2015 10:55

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී තමාට අයත් ඡන්දපළේදී ඡන්දය ලබාදීමට නොහැකි වේ යැයි සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ලබාදීමේ පහසුකමක් මෙවර හිමිවේ.

පසුගිය 10 වන දිනෙන් එම කාලය අවසන්වීමට නියමිතව තිබුණ ද බොහෝ ඉල්ලීම් මත හෙට දිනය දක්වා එම කාලය දීර්ඝ කරන ලදී. ඒ අනුව එසේ දීර්ඝ කර තිබූ කාලය හෙටින් අවසන්වේ.

කෙසේ වෙතත් හෙටින් පසුව එම කාලය දීර්ඝ කිරීම සඳහා සාකච්ඡා කර නොමැති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

අදාළ අවශ්‍යතාව සහිත ඡන්ද හිමියන් 2014 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිව ඇත්නම් ඒ සඳහා අයදුම්පතක් ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය සහිතව යොමු කළ යුතුවේ.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයට හෝ ළඟම පිහිටි දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාල වෙත එම අයදුම්පත් භාරදිය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදෙයි.

හෙට දිනයෙන් පසුව තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදෙන කිසිදු අයදුම්පතක් භාර නොගන්නා බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය අවධාරණය කරයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us