පානම ඉඩම් කොල්ලය පිටුදකිමු

Published in පුවත්
Monday, 13 July 2015 09:36

සජීව චාමිකර-පරිසර සංරක්ෂණ භාරය

අම්පාර දිස්ති‍්‍රක්කයේ ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත‍්‍රවෙල ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි පොදුවේ පානම ලෙස හැදින්වෙන ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ප‍්‍රදේශවල ජීවත් වූ ජනතාව ගේ ජනාවාස, කෘෂිකාර්මික ඉඩම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1220 ක පමණ භූමි ප‍්‍රමාණයක් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් ප‍්‍රදේශයේ ජීවත් වූ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර 2009 වසරේ සිට අනවසරයෙන් අත්පත් කර ගෙන සිටී.

ශාස්ත‍්‍රවෙල හා රාගම්වෙල ප‍්‍රදේශය ගුවන් හමුදාව මගින් ද එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප‍්‍රදේශ නාවික හමුදාව මගින් ද අත්පත් කර ගෙන තිබේ. මේ ප‍්‍රදේශවල ජනාවාස හා වගා බිම් අක්කර 480 ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 840 ක් මෙලෙස නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇත.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනුරුව 2009 වසරේ දී නාවික හමුදාව විසින් එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප‍්‍රදේශයේ ජනතාවගේ වගා බිම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර බිම් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්ෂිත ප‍්‍රදේශ වලට අයත් ඉඩම් රණවිරු ගම්මානයක් ඉදි කිරීමට යැයි සඳහන් කරමින් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා ලදී.

නමුත් 2010 වසරේ දී මේ ප‍්‍රදේශය නාවික හමුදා කඳවුරක් ඉදි කරන බවට සඳහන් කරමින් ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඇත. වර්තමානය වන විට මේ ප‍්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගොඩනැගිලි මෙන්ම සංචාරක හෝටලයක් ද පානම කලපුවේ ඉදි කර තිබේ. එය ”පානම ලැගුන් කබානා” නමින් මේ වන විට සංචාරක කටයුතු වලට නාවික හමුදාව විසින් යොදා ගනු ලැබේ.

2010 වසරේ දී රාගම්වෙල හා ශාස්ත‍්‍රවෙල ප‍්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ නිවාස හා වගා බිම් වලට නාදුනන පිරිසක් විසින් ගිනි තබා ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර ඇති අතර පසුව එම ප‍්‍රදේශය පොතුවිල් පොලීසියේ පාලනය යටතට ගෙන තිබේ. එම ප‍්‍රදේශ තුළට ජනතාවට ඇතුළු වීම වසරක පමණ කාලයක් තහනම් කර තිබූ පොතුවිල් පොලීසිය ඉන් අනතුරුව එම ප‍්‍රදේශය ගුවන් හමුදාවේ පාලනය යටතට පත් කර තිබේ. මේ වන විට ගුවන් හමුදාව විසින් එම ප‍්‍රදේශයේ ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලැබේ.

නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් මේ සම්පූර්ණ ප‍්‍රදේශය ආවරණය වන පරිදි විදුලි වැටවල් දෙකක් ඉදි කර තිබේ. මේ සම්පූර්ණ ප‍්‍රදේශය ම ප‍්‍රධාන අලි ගැවසුම් ප‍්‍රදේශයක් වන අතර, ඒ ආශ‍්‍රිත ව පිහිටි රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ ව පැවති ප‍්‍රදේශයකි. විශේෂයෙන් ම කුඩුම්බිගල - පානම අභය භූමිය, කුමන ජාතික වනෝද්‍යානය සහ කුඹුක්කන වන රක්ෂිතය මෙලෙස අනවසරයෙන් මේ අත්පත් කර ගෙන ඇති ප‍්‍රදේශයේ වනාන්තර පද්ධති හා සම්බන්ධ ව පවතී. නමුත් වර්තමානය වන විට එම සම්බන්ධතා විදුලි වැට හේතුවෙන් ඛණ්ඩනයට ලක් ව තිබේ.

බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් මේ ප‍්‍රදේශයේ ජීවත් වූ හා වගා කටයුතු සිදු කළ පවුල් 350 ක් පමණ සම්පූර්ණයෙන් ම අවතැන් ව සිටී. කුඹුරු ගොවිතැන හා හේන් ගොවිතැන මෙන්ම ධීවර කර්මාන්තය මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ආදායම් උත්පාදන මාර්ග වී තිබේ. ඒ සියල්ල මේ වන විට අහිමි වී ඇත.

බලහත්කාරයෙන් ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීමේ දී හා එම ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ දී ලංකාවේ පවතින අණපනත් ගණනාවක් උල්ලංගණය කිරීම සිදු කර තිබේ. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත, දණ්ඩ නීති සංග‍්‍රහය, රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත, වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත, නාගරික සංවර්ධන අධිකාරි පනත හා පුරා වස්තු ආඥා පනත මෙලෙස උල්ලංගණය කර තිබේ.

ප‍්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ වාසස්ථාන, වගාබිම්, අලි - ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවගේ වාසස්ථාන, කඩොලාන වනාන්තර හා වෙරළ තීරය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව කටයුතු කර මේ සියලූ ප‍්‍රජාවගේ රැකවරණය හා අයිතිවාසිකම් තහවුරු කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම සිවිල් සමාජයේ යුතුකම හා වගකීම වේ. මේ සඳහා පානම පත්තුව සුරැකීමේ සංවිධානය හා එක් ව සිවිල් සංවිධාන කිහිපයක් සටන් වැදීම සිදු කෙරිනි.

එ් අනුව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටHRC/AM/105/10/B/OT යටතේ ලිඛිත පැමිණිල්ලක් කළේ ය. එ් පිළිබඳව පරීක්ෂා කළ මානව හිමිකම් කොමිෂම මේ ජනතාවගේ ඉල්ලීම් සියල්ල සාධාරණ බවත් ඔවුන්ට අයත් ඉඩම්වල ජීවත්වීමේ අයිතිය තහවුරු කර දෙන ලෙසට නිර්දේශ කෙරින.

රාගම්වෙල ජනතාවගේ පාරම්පරික ඉඩම්වල රැුදී සිටීම නීත්‍යානුකූල නොවන බව සඳහන් කරමින් පොතුවිල් පොලීසියේ නිලධාරීන් විසින් පුද්ගයන් හත් දෙනෙකුට විරුද්ධව පොතුවිල් මහේස්ත‍්‍රාත් අධිකරණයේ 2009.11.26 වන දින අංක 8455/PC/09 යටතේ නඩු පවරන ලදි. එහි දී ද පානම පත්තුව සුරැකීමේ සංවිධානය හා සිවිල් සංවිධාන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේ ය. එහි තීන්දුව 2015.05.06 දින පොතුවිල් මහේස්ත‍්‍රාත්තුමන් ලබා දෙමින් මේ සියලූ පුද්ගලයන්ව නිෙදාස් කොට නිදහස් කර තිබේ.

පානම පත්තුව සුරැුකීමේ සංවිධානය විසින් දිගින් දිගටම තම අයිතිවාසිකම වෙනුවෙන් බුද්ධිමත්ව, හැඟීම්වගට වහල් නොවී අඛණ්ඩ අරගලයක නිරත විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ මැදිහත්වීමෙන් 2015.02.11 වන දින කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වන ඉඩම් අක්කර 25 ක් හැර ඉතිරිය ජනතාවට ලබා දීමට තීරණය කර ඇත.

ගුවන් හමුදාව යටතේ රාගම්වෙල හා ශ‍්‍රාස්ත‍්‍රවෙල ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 365 ක් පමණ වේ. ඉන් අක්කර 25 ක් ගුවන් හමුදාවට ලබා දුන් පසුව ඉතිරි ඉඩම් ප‍්‍රමාණය අක්කර 340 කි. මෙම භූමි ප‍්‍රමාණයෙන් අක්කර 50 ක් පමණ ප‍්‍රදේශයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ සුවිශේෂී කැලෑ ප‍්‍රදේශයකි. එම කැලෑ ප‍්‍රදේශය රාගම්වෙල වැවේ ජලපෝෂක ප‍්‍රදේශය වන අතර වැව හා මුහුද අතර පිහිටි වනාන්තර ප‍්‍රදේශයකින් හා වැලි කඳු වලින් සමන්විත වේ. මෙම භූමිය හැර ඉතිරි බිම් ප‍්‍රදේශය එහි ජීවත් වූ පවුල් 105 කට ලබා දෙන ලෙස පදිංචිව සිටි ජනතාව ඉල්ලා සිටී.

කැබිනට් තීරණය දැනුම් දීමෙන් පසුව මාස 05 ක පමණ කාලයක් ගත වී ඇතත් එය ක‍්‍රියාත්මක තත්ත්වයට පත් කීරීමට තවම නොහැකි වී ඇත. කැබිනට් තීරණයට අනුව කටයුතු කළ යුතු ආකරය පිළිබඳව අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයා හෝ ලාහුගල ප‍්‍රාදේශීය ලේකම්වරයා මේ වන තුරුත් දැනුම්වත් වී නොමැත. මේ නිසා තවම අවතැන් වූ ජනතාව අසරණව සිටී.

කැබිනට් තීරණය පිළිබඳව පානම පත්තුව සුරැකීමේ සංවිධානයේ හා සිවිල් සංවිධාන වල මැදිහත් වීමෙන් පසුගිය 2015.06.11 වන දින ලාහුගල ප‍්‍රාදේශීය ලේකම්, අම්පාර දිස්ත‍්‍රික් ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල් හා ගුවන් හමුදාපති ඇතුළුව රාජ්‍ය නිලධාරීන්ව ලිඛිතව දැනුම්වත් කරන ලදී. ඊට පිළිතුරු වශයෙන් අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම් වෙතින් උපදෙස් ඉල්ලා ලිපි යොමු කිරීම පමණක් සිදු කර තිබේ.

පසුගිය 2015.06.15 වන දින අග‍්‍රාමාත්‍යතුමා, ඉඩම් කොමසාරිස්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, අම්පාර දිස්ත‍්‍රික් ලේකම්, ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් ඇතුළුව ත‍්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප‍්‍රධානීන්ට දීර්ඝ කරුණු ඉදිරිපත් කිරීමේ ලිපියක් පානම පත්තුව සුරැකීමේ සංවිධානය විසින් යොමු කළ අතර ඊට පිළිතුරු වශයෙන් අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී ඇත්තේ සුදුසු කටයුතු සිදු කරන ලෙස පමණි. මීට අමතරව 2015.06.20 වන දින ජනාධිපතිතුමන් වෙත ද මේ සියලූ කරුණු ඇතුළත් දීර්ඝ වාර්තාවක් පානම පත්තුව සුරැකීමේ සංවිධානය විසින් භාර දෙන ලදී. නමුත් එ් සම්බන්ධයෙන් ද සතුටුදායක ප‍්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැත.

මේ අනුව පෙනී යන්නේ බලහත්කාරයෙන් අවතැන් කළ පානම ජනතාවට තවම තම අයිතිවාසිකම් හිමි වී නොමැති බව ය. රාජ්‍ය නිලධාරීන් කැබිනට් තීරණ ක‍්‍රියාත්මක කිරීම වෙනුවට ලිපි හුවමාරුවක පමණක් නිරත වී සිටින බවට පෙනෙන්නට තිබේ. ආරක්ෂක අංශ ද බලහත්කාරයෙන් අත්පත් කර ගත් ඉඩම් ජනතාවට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත ලබා දීමට තවම සූදානම් නැත.

මේ නිසා පානම පත්තුව සුරැකීමේ සංවිධානය ඇතුළුව පරිසර සංරක්ෂණ භාරය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ප‍්‍රජා අභිලාෂ ජාලය, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය හා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ බලහත්කාරයෙන් අත්පත් කර ගත් ජනතාවගේ ඉඩම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් සියල්ලම නැවත නිදහස් කර දෙන ලෙස ය. එපමණක් නොව වන සතුන්ගේ වාසස්ථාන අවහිර කරමින් සකස් කර ඇති විදුලි වැටවල් ගලවා ඉවත් කර සියලූ ජීවීන්ට නිදහසේ සැරිසැරීමේ අයිතිය හිමි කර දෙන ලෙස ය.

දැනට ආරක්ෂක අංශ විසින් පවත්වා ගෙන යන සංචාරක හෝටල් මඟින් ධීවර වෘත්තීන්හි නිරත ජනතාවට සිදු වන බාධා නතර කරන ලෙස ය. අප අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ අවශ්‍යතාවය මත ආරක්ෂක අංශ විසින් දැනට පවත්වාගෙන යන කඳවුරු සඳහා කැබිනට් තීරණයට අනුව නිදහස් කළ අක්කර 25 ක භූමිය ඔවුන්ගේ කටයුතු සඳහා පවරා ගෙන ඉතිරි සියලූ ඉඩම් පාරම්පරික ප‍්‍රදේශවාසීන් ඇතුළුව සියලූ ජීවීන්ට නිදහසේ භුක්ති විඳීමට නැවත ලබා දෙන ලෙස ය.

නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටින කලපු හා වනාන්තර ප‍්‍රදේශය

main

නාවික හමුදාව විසින් නීති විරෝධී ලෙස ඉදිකර පවත්වාගෙන යන ”පානම ලැගුන් කබානා” හෝටලය

cebana hotel 1

2

cebana hotel 2

cebana hotel 3 

Last modified on Monday, 13 July 2015 09:57

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us