මහරාජාට කණේ පහරක්, සුසිල් කි‍ඳෙලිපිටියට ෆොන්සේකා නාම යෝජනා නොදෙයි

Published in පුවත්
Monday, 13 July 2015 10:08

කිලී මහරාජාගේ රුකඩයක් වන ප්‍රජාතනත්‍රවාදි පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී සුසිල් කි‍ඳෙල්පිටිය ට එම පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදීමට ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා මහතා තීරණය කර තිබේ.

සිරස හිමිකරු කිලී මහරාජා ප්‍රධාන පක්ෂ සියල්ලටම පාහේ තම ආයතනයේ සේවකයන් දේශපාලඥයන් ලෙස රිංගවා එම පක්ෂ තමන්ට ඕනෑ ලෙස හැසිරවීමේ සෙල්ලම කාලයක සිට පවත්වාගෙන යන්නකි. සරත් ෆොන්සේකා මහතාවද තම අල්ලේ නැටවීම වෙනුවෙන් සුසිල් කි‍ඳෙල්පිටියව යොදා ගැනීමට මහරාජා කටයුතු කළද එය ෆොන්සේකා මහතා වටහා ගැනීම නිසා මෙවර නාම යොජනා ලබා නොදිමට තීරණය කර තිබේ.

ඉන් පසුව තමන්ට වූ විලි ලැජ්ජාව වසා ගැනීමට ආනන්ද සංගරී මහතාගේ 'දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන්' සුසිල්ට නාම යෝජනා ලබා ගැනීමට කිලී මහරාජා සමත් වී තිබේ. ඒවෙනුවෙන් සිරස මාධය ජාලය එම පක්ෂයට විශාල ප්‍රචාරයක් ලබා දීමටද නියමිතය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් සභා මන්ත්‍රී සුසාර දිනාල් මහතාටද මෙවර සන්ධානයෙන් නාම යොජනා ලබා ගැනීමට නොහැකි වී තිබේ. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී රංගාටද මෙවර එජාපයෙන් හෝ සන්ධානයෙන් හෝ නාම යොජන ලැබී නැත.

මේ නිසා මහරාජාගේ දේශපාලන සූදු කෙළිය අර්බුදයකට ලක්ව තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ එස් එම් මරික්කාර් , මතර දිස්ත්‍රික්කයේ බුද්ධික පතිරණ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස පමණක් මහරාජාට අවසානයේ ඉතුරු වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us