සුදර්ශනීට එහෙත් නෑ. මෙහෙත් නෑ ?

Published in පුවත්
Sunday, 12 July 2015 09:45

ශ්‍රීලනිප කටාන ආසනයේ සංවිධායිකා, ගම්පහ දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලෙ මහත්මිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා පත්‍රයට මෙතෙක් අත්සන් තබා නොමැත.

ගම්පහ සන්ධාන ලැයිස්තුවට කටාන ආසනයේ පදිංචි වෙනත් පක්ෂවල තිදෙනෙක් නම් කර තිබීම ඊට හේතුවයි.

ජාතික නිදහස් පෙරමුණේ ලාලිත ගුණසේකර, ලංකා සම සමාජ පක්ෂයේ උපුල් රාජිත හා පිවිතුරු හෙළ උරුමයේ රාජිත හපුආරච්චි එසේ නම් කර තිබේ.

මෙය තමාව දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා සිදු කල කුමන්ත්‍රණයක් බව පවසන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලෙ මහත්මිය, මේ සම්බන්ධයෙන් නාමයෝජනා මණ්ඩලයෙන් සාධාරණ ප්‍රතිචාරයක් බලාපොරොත්තුව සිටියි.

කෙසේවුවද තමා එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රීක්කයට නාමයෝජනා දෙන බවට පලවී තිබු වාර්තා ඇය රාත්‍රී ප්‍රතික්ෂේප කළාය.

 


srilankamirror

Last modified on Sunday, 12 July 2015 10:10

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us