මැතිවරණ රැලි

Published in පුවත්
Saturday, 11 July 2015 10:10
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භක රැලිය ලබන 14 වැනිදා මහනුවර පොදු වෙළෙඳ පොළ භූමියේදී පැවැත්වේ. පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු මේ මංගල රැලියට සහභාගි වෙති.
 
මහනුවර මහ රැලිය ආරම්භ කිරීමට පෙර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදා මල්වතු අස්ගිරි මා හිමිවරු ද බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට නියමිත ය. එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන රැලි මාලාවක් සෑම දිස්ත්‍රික්කයකම පවත්වන අතර ඊට අමතරව තවත් කුඩා රැලි හා ප්‍රධාන රැලි රැසක් ද පවත්වයි.
 
අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ අවසන් ප්‍රචාරක මහ රැලිය කොළඹ මරදානේ ටවර් රඟහල අබියසදී අබේසිංහාරාම මංසන්ධියේ අගෝස්තු 14 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
 
එළැඹෙන මහ මැතිවරණය නිමිත්තෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පවත්වන ප්‍රචාරක රැලි මාලාවේ මංගල රැලිය 17 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පක්ෂ සියල්ල මේ මංගල රැලියට සහභාගි වනු ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us