මෛත්‍රීට ඡන්දෙ දුන්නේ පවුල් පාලනය තුරන් කරන්න -මෛත්‍රී ජනවරම පවා දුන්නා

Published in පුවත්
Sunday, 05 July 2015 19:51

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය මෑත කාලයේ සිදුකළ ලොකුම පාවාදීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.මේ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අගෝස්තු 17දා මැතිවරණයෙන් ඉතාම කණගාටුදායක ප‍්‍රතිඵලයක් ලැබෙන බවත් ජනවාරි 08වැනිදා ජනතාවගේ ඡන්දයෙන් පරාජය කළ කණ්ඩායමම නැවත වරක් මහ මැතිවරණයේ පරාජය නළලේ කොටාගෙන පැමිණෙන බවත් පැවසුවේය.

කොළඹ අද(05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කර සිටියේය.

එහිදී ඒ මහතා විසින් පහත පරිදි අදහස් දැක්විය.

" ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය වෙනුවෙන් ජනවරමක් ලබාදී මාස 6ක් යනකොට මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලූ පිරිසට නාම යෝජනා ලබාදීමට මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් තීරණය මෑත කාලයේ සිදුකළ ලොකුම පාවාදීමයි. මේ ලොකුම පාවාදීම වන්නේ කොහොමද?

මහින්ද රාජපක්‍ෂ මහතා තුන්වැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී අතිවිශාල වශයෙන් අල්ලස් ලබාදී මුදල් බෙදාදී, රාජ්‍ය බලය සහ හමුදාව පවා යොදවමින් තම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අතර ලක්‍ෂ 62ක් ඡන්ද දායකයින් මහින්ද රාජපක්‍ෂ මහත්තයාට විරුද්ධව ඡන්දය ලබාදී පරාජය කළා. මේ ඡන්ද ලක්‍ෂ 62 ලබාදුන් ඡන්ද දායකයන්ට පෞද්ගලික අරමුණු තිබුණේ නැහැ. තිබුණේ එකම එක අරමුණක්. ඒ, රාජපක්‍ෂ ඒකාධිපති පවුල් පාලනය පරාජය කරන එක විතරයි. එවැනි පෞද්ගලික අරමුණු රහිත ඡන්ද දායකයින්ගේ වරම පාවාදීම බරපතළ තත්ත්වයක්.

දෙවනුව රාජපක්‍ෂ පරාජයෙන් පසු ඔවුන්ගේ පාලන සමය තුළ හෙළිකළ මහා පරිමාණ වංචා දුෂණ පිළිබඳව පවුල සහ පවුල වටා සිටි පිරිස හෙළිදරව් වෙමින් තිබුණා. මේ සත්‍යය තොරතුරු හෙළිවීමෙන් ඔහුට ඡන්දය ලබාදුන් විශාල පිරිසක් කළකිරී ඉවත් වෙමින් සිටියා. දුෂිත පවුල් පාලනය පරාජය කිරීම සාධාරණ බව මේ පිරිස තේරුම් අරගනිමින් සිටියා. ඒ අයගේ ඉවත්වීමත් පාවාදුන්නා. දුෂිත ඒකාධිපති පවුල් පාලනයක් තිබියදීම විශාල අනතුරක් දරාගනිමින්ම පුද්ගලික අපේක්‍ෂා කිසිවක් නැතිව රාජපක්‍ෂ පවුල් පාලනය පැරදවීමට කි‍්‍රයා කළ පිරිසක් හිටියා. රාජපක්‍ෂ මහත්තයා ජයග‍්‍රහණය කළා නම් නියත වශයෙන්ම තමන්ට මුහුණ දීමට සිදුවන අනතුර පිළිබඳව නොතකා ඔවුන් කි‍්‍රයා කළා. ඒ උගතුන් හා බුද්ධිමතුන් ඇතුලූ සිවිල් සංවිධානවල කි‍්‍රයාකාරිත්වය පාවාදුන්නා. ඒ වගේම සිව්වනුව මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත්වන අවස්ථාවේදී ලොකු අනතුරක් දරා ගනිමින් ඔහු සමග ඒකරාශී වුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිස ඉතාම බරපතළ කැපකිරීමක් කළේ. මේ වනවිට ඒ කැපකිරීමත් පාවාදී තිබෙනවා.


මහින්ද රාජපක්‍ෂ මහත්තයා දිනුවා නම් ඇතිවන තත්ත්වය පිළිබඳව අවස්ථා කිහිපයකදීම මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ඉතා පැහැදිළිව කරුණු කියා තිබෙනවා. ඔහු කීවේ අඩි 6ක් තුළ වැළලෙන්නට තිබු බවයි. මේකෙන් අදහස් කරන්නේ මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාව මරා දැමීමට සැලසුමක් තිබූ බවයි. මේක සරල සිද්ධියක් නෙවෙයි. මෛතී‍්‍රපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් කටයුතු කළ සියලූ දෙනාටම පොදුවේ බලපා තිබූ අනතුරේ තරම තමයි ජනාධිපති වීමෙන් පසුව මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ඒ කීවේ. නමුත් දැන් ඒ සියල්ල අත්හැර පරණ සන්ධානයේ සියලූම දෙනාට නාමයෝජනා ලබාදීමට කටයතු කරමින් සිටින බව වාර්තා වෙනවා.


මේ තත්ත්වය හමුවේ ජනවාරි 08 වැනිදා ඉදිරියට යන්නට පියවරක් තැබූ සියලූම දෙනාට අප දන්වා සිටින්නේ පසුබට නොවන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ අරමුණු ඉටුකිරීමට උපරිම කැපවීමෙන් කි‍්‍රයාකරන බව මතක් කරන්න ඕනෑ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා අගමැති අපේක්‍ෂකකම ඉල්ලමින් හම්බන්තොටින් නාම යෝජනා ලබාදෙන්නේ නැහැ. ඒ වෙනුවට හම්බන්තොටට කුමාරයා ඉල්ලනවා. උපන් දිස්ති‍්‍රක්කයෙන්වත් ජයග‍්‍රහණය කිරීමට අමාරු තත්ත්වයක සිටින මහින්ද රාජපක්‍ෂ මහත්තයා දිනන්න ලේසි තැන් සොයමින් ඉන්නවා. මේකෙන් පැහැදිලි වෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට තිබෙන බල ලෝභයේ තරම. මන්තී‍්‍ර කෙනෙක් හැටියට, ඇමති කෙනෙක් හැටියට, විපක්‍ෂ නායක හැටියට, අගමැති හා ජනාධිපති හැටියටත් බලයේ සිටි මහින්ද රාජපක්‍ෂ දැන් මන්තී‍්‍රකමක් ගන්න දඟලන්නේ බලය සඳහා තිබෙන දැවැන්ත කෑදරකම නිසයි. ඔහු දෙවැනි ජනාධිති ධුරයේ වසර 2ක් සිටියදී තුන්වැනි වර ඉල්ලන අවස්ථාවේ කීවේ ජනතාව ඔහුට බලය නොදුන්නොත් ගෙදරට වෙලා ඉන්න බවයි. නමුත් පසුව කුමන්ත‍්‍රණකාරී ලෙස බලය අල්ලා ගැනීමට කටයුතු කළා. බල ලෝභය අතින් මහින්ද රාජපක්‍ෂ මහත්තයා ලෝක වාර්තාවක් තියන බව පැහැදිලියි. මේ බල ලෝභය නිසාම නීතිය, මහජන මුදල්, වාහන, හෙලිකොප්ටර්, ජනාධිපති මන්දිරය වගේම අරලියගහ මන්දිරය පරිහරණය කරමින් පෙන්නුම් කළේ බලයෙන් මත්වී ගෙවූ සුඛෝපභෝගී ජීවිතයේ තරමයි.

මේ තත්ත්වය වෙනස් වෙමින් පසුගිය ජනවාරි 08වැනිදා පිහිටුවා ගත් පාලනය යටතේ රාජපක්‍ෂ පවුල සහ ඒ වටා සිටි පිරිසට එල්ල වී තිබූ මූල්‍ය අපරාධ චෝදනා වේදිකා මත කළ විවේචනවල සිට නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම දක්වා ඉදිරියට පැමිණ තිබුණා. මෙයින් ගැලවෙන්නත් නැවත බලය ලබාගැනීමේ අවශ්‍යතාවය රාජපක්‍ෂ මහත්තයාට වගේම ඒ වටා සිටින කල්ලියටත් මතුවී තිබෙනවා. උදාහරණයක් ලෙස ශිරන්ති රාජපක්‍ෂට විරුද්ධව තිබෙන චෝදනා ඔප්පු වෙමින් තිබෙනවා. බැසිල් රාජපක්‍ෂ මහත්තයාට හිරේ සිටින්නට පවා සිදුවුණා. ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධව පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙනවා. රගර් කී‍්‍රඩකයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ක‍්‍රමානුකූලව පැවැත්වෙනවා. මෙයට රාජපක්‍ෂවරු සම්බන්ධ බව හෙළි වෙමින් තිබෙනවා. ඒ වගේම උදයංග වීරතුංග, ලලිත් වීරතුංග, විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන වැනි මහින්ද කල්ලියට නීතිය ඉදිරියේ පැවැත්වෙන පරීක්‍ෂණවලින් ගැලවීමට නම් බලය අවශ්‍ය වී තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි මහින්ද මහත්තයා නැවත පාර්ලිමේන්තුවට එන්න සූදානම් වෙන්නේ.

මේ වගේ පටු අරමුණු මිසක් රට හැදීමේ අරමුණු මොකුත් රාජපක්‍ෂ මහත්තයාට නැහැ. පසුගිය කාලය තුළ රටේ ජනතාවගේ ප‍්‍රශ්න කිසිදෙයක් ගැන කථාකළේ නැහැ. ඒ වෙනුවට කෙරුවේ මහින්ද සමඟ නැගිටිමු කියලා. එහෙමත් නැත්නම් මහින්ද අගමැති කරමු කියලා. මේ මගින් අපේක්‍ෂා කරන්නේ බල ලෝභයට උත්තර ලබා ගැනීමත් වංචා දුෂණ සම්බන්ධයෙන් වැරදිකරුවන් ගලවා ගැනීමත් කියන මූලික අරමුණු දෙකයි.


මේ වගේ තත්ත්වයක් යටතේ ඡන්ද දායකයන් විශේෂ අවධානයකින් සිටිය යුතු කාලයක් මේ. විශේෂයෙන්ම මහින්ද විරෝධී පිරිස් නිසා සන්ධානය තුළ අලූත් අර්බුද ඇතිවෙලා. රාජිත සේනාරත්න ඇමතිවරයා, අර්ජුන රණතුංග ඇමතිවරයා, මේ වනවිටත් විරෝධය පළකර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්දි‍්‍රකා කුමාරතුංග මහත්මිය වගේම ජාතික හෙළ උරුමය වගේ සංවිධානවලත් කි‍්‍රයාකාරිත්වය නිසා ඉදිරියේදී දැවැන්ත පිපිරීම් ඇතිවන ලකුණු තිබෙනවා. මේ වනවිටත් ශී‍්‍රලනිපයේ භාණ්ඩාගාරික එස්.බී. නාවින්න මහත්තයා එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක එකතු වෙලා. මේ මැතිවරණය කියන්නේ මිනි ඔලිම්පික් එකක් වගේ. උස පැනීම, දුර පැනීම, මැරතන්, කෙටි දුර ධාවන තරඟ පවත්වනවා වගේම එහෙට මෙහෙට පැනීම් ගැනත් ඉදිරියේදී බලා ගන්න පුළුවන්. සන්ධානය ඇතුළේ ඒ තරමටම ප‍්‍රශ්න හදාගෙන තමයි මෛත‍්‍ර‍්‍රීපාල සිරිසේන මහත්තයා මහින්ද රාජපක්‍ෂට නාමයෝජනා ලබාදෙන්න තීරණය කරන්නේ.


මේ තත්වය මත දේශපාලන බිමේ තිබෙන්නේ අභියෝගයක්. මේ අභියෝගය මොකක්ද කියලා අපි හොඳින් තේරුම් ගත යුතුයි. ජනවාරි 08වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට මිස මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ජයග‍්‍රහණය කරන්න බොහෝ දෙනෙක් ඡන්දය දුන්නේ නැහැ. පවුල් පාලනය තුරන් කිරීමට ඡන්දය දුන්නා මිස පක්‍ෂයකට ඡන්දය දුන්නේ නැහැ. දින සියය අප්‍රේල් 23දා අවසන් වී මැයි මස මුල මහමැතිවරණයක් කැඳවූවා නම් අඩුම තරමේ උසස් පෙළ විභාගයට බාධා නොවී කරගෙනයාමට පුළුවන්කම තිබුණා.

වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ 19වන සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් සිදු නොකළ බවත් 19වන සංශෝධනය අනුව පත්කරගත යුතු ව්‍යවස්ථාදායක සභාවවත් පත්කරගන්න බැරි වු අතර දැන් මෛති‍්‍රපාල සිරිසේන මහත්තයාට රටත් නැතිවෙලා පක්‍ෂයත් නැතිවී ඇති බවයි.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us