මහින්ද රාජ්‍ය ආයතනවල වාහන 5000ක්‌ දේශපාලන වැඩට යොදාගෙන

Published in පුවත්
Saturday, 04 July 2015 12:02
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරනයේදී රාජ්‍ය ආයතනයන්හි වාහන 5000ක්  භාවිතකර ඇතැයි රාජ්‍ය සේවාවන්ට අදාළ මැතිවරණ අක්‍රමිකතා විභාග කිරීමේ කමිටුව අනාවරණය කරගෙන ඇති බව බුද්ධශාසන, රාජ්‍ය පරිපාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ ඇමැති කරු ජයසූරිය මහතා පැවැසීය.
මෙයට අදාළ පැමිණිලි 114 ක් ලැබුණු බවත් අමාත්‍ය කරු ජයසුරිය මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ ඊයේ(03) පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
 
සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මැතිවරණ කොමසාරිස්වරයා ගනු ඇතැයිද මෙවර රාජය දේපල භාවිතයෙන් තොරව මෙවර මැතිවරණය පවත්වන බවද අමාත්‍යවරයා පැවසීය. 
 
පුවත්පත් අතිරේක හා දැන්වීම් සඳහා ද, රාජ්‍ය විද්යුත් මාධ්‍යවල දැන්වීම් පළකිරීම සඳහා ද වැය කර ඇති අතිවිශාල මුදල් ප්‍රමාණය පිළිබඳව තවදුරටත් සොයා බලමින් පවතින අතර විපක්‍ෂයේ විවිධ මට්‌ටම්වල දේශපාලනඥයන් තම පිලට ගැනීම සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක්‌, අල්ලස්‌ ලෙස ලබාදුන් බව ද ප්‍රසිද්ධ රහසක් බව විමර්ශන වාර්තාව හෙළි කරයි. රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසි, සිවිල් ආරක්‍ෂක නිලධාරීන් හා වෙනත් රාජ්‍ය නිලධාරීන් විවිධ බලපෑම් කරමින් යොදාගෙන ඇති අවස්‌ථා ඇති බවද දක්වයි.
 
මෙම අවස්‌ථාවට අමාත්‍යංශ ලේකම් ඡේ. දඩල්ලගේ මහතා ඇතුළු නිලධාරීහු කිහිප දෙනෙක්‌ සහභාගි වූහ. 
 

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us