77 ව‍ගේ යුගයක් ආරම්භ කරනවා-කිරිඇල්ල(audio)

Published in පුවත්
Thursday, 02 July 2015 12:53

ජනතාව ආණ්ඩුවකින් බලාපොරොත්තු වන කාලීන අවශ්‍යතාවය වන්නේ ආර්ථිකය ගොඩ නැංවීම බවත් මහින්ද රාජපක්ෂට එයට පිළිතුරු නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

77න් පසු පැවති ආකාරයේ යුගයක් ඇති යළි ඇති කරන බවත් එජාපය 77න් පසු සිදු කළ යෝධ සංවර්ධනය සිදු කරනු ලැබුවේ ආධාර වලින් මිස ණය වලින් නොවන බවත් එබදු දියුණුවක් අද රටේ තරුණ පිරිස බලාපො‍රොත්තු වන අතර එය සිදු කළ හැක්කේ එජාපයට හා අගමැතිවරයාට පමණක් බවත් හෙතෙම පැවසුවේය.

අද වන විට උදව් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින රටවල් බලා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල එන තෙක් බවත් එජාප ආණ්ඩුවකදී ආයෝජකයින් විශාල පිරිසක් උපකාර කිරීමට බලා සිටින බව කීවේය.

එජාපයට ලබන මැතිවරණයේදී ආසන 115කට වඩා හිමිවන අතර අද වන විට ප්‍රායෝගිකව බලන කළ ශ්‍රීලනිපයක් නොමැති බවත් පැවසුවේය. ශ්‍රීලනිපය පිරිසක් විසින් මංකොල්ල කා ඇති බවත් අද වන විට එය අන්තවාදයෙන් පිරී ඇති බවත් පැවසුවේය.

'මහින්ද එදාත් පරාදයි අදත් පරාදයි එය තමයි තිත්ත ඇත්ත. පසුගිය මැතිවරණයේදී ඔහුට රාජ්‍ය බලය තිබියදී රජයේ මුදල් පාවිච්චි කරමින් මැතිවරණය දිනන්නට උත්සාහ කළා. සන්දර්ශන පවත්වමින් කටයුතු කලත් දිනන්නට බැරිවූ ඔහුට මේ මැතිවරණයෙන් කිසිසේත් ජයගත නොහැකියි 'යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.

මෙවර ඒකාබද්ධ විපක්ෂයට පසුගිය මැතිවරණයේදී ලැබුණු ඡන්ද වලින් 40%ක් හැලෙන බවත් එයින් බහුතරය හිමිවන්නේ එජාපයට බව කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණය පැරදීවත් පාඩමක් ඉගෙන නොගත් පිරිස අද වන විටත් ජාතිවාදය මුල්කරගෙන කටයුතු කරන බව පැවසුවේය.එජාප ආණ්ඩුවක් පිහිටුවා රට තුළ නව යුගයක් බිහි කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

සම්පූර්ණ හඩපටයට පහතින් සවන්දෙන්න

 

Last modified on Thursday, 02 July 2015 12:59

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us