පොලීසියේ ලොකු පුටු 07ක් මාරුවේ

Published in පුවත්
Wednesday, 01 July 2015 15:47

උසස් පොලිස් නිළධාරින් 07 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සිව් දෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ඒ අනුව කුලියාපිටිය කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.එම්. හරිස්චන්ද්‍ර මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට මාරුකර යවා තිබේ.

අම්පාර කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එච්.කේ.ඩී මහගෙදර මහතා කුන්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස මාරුකර යවා ඇති අතර , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ආර්.එල් රණවීර මහතා ගල්කිස්ස කොට්ඨාසයේ සිට අම්පාර කොට්ඨාසය වෙත මාරුකර යවා තිබේ.

පොලිස්පති අණදෙන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.අයි. ද ඒ. ගුණතිලක මහතා ගල්කිස්ස කෙට්ඨාසයට මාරුකර යවා ඇති බව සඳහන්ය.

පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි ජි.ඩී.ඒ.එන් ගුණරත්න මහතා එම කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු කළ සහකාර පොලිස් අධිකරි කීර්තිපාල මහතා හලාවත කොට්ඨාසයටත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ඒ.ආර්.පී අල්විස් මහතා තංගල්ල කොට්ඨාසයටත් මාරුකර යවා ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us