ශ්‍රීලනිපය ජයගන්න නම් මහින්ද නිහඬ විය යුතුයි-අර්ජුන

Published in පුවත්
Sunday, 28 June 2015 09:41

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය ලබා ගැනීමට නම් හිටපු ජනාධිපති නිහඬව සිටිය යුතු බව අර්ජුන රණතුංග මහතා පවසයි.

අත්තනගල්ල වේවැල්දෙනිය නාසෙවණ නිවාඩු නිකේතනයේ ඊයේ (27) පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් අැති වීමට ප්‍රධානම හේතුව හිටපු ජනාධිපතිතුමාගේ ක්‍රියා කලාපය බවත් හිටපු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයේදී ඡන්දේ ඉල්ලුවොත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවට ආවොත් මේ රටේ සුළු ජාතීන් විතරක් නෙමෙයි බුද්ධිමත් සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුධව ඡන්දය ලබා දෙන බවත් පැවසුවේය.

මහින්ද රාජපක්ෂ පක්ෂයට ආදරේ නම් කරන්න පුළුවන් හොඳම දේ, ටික කාලයක් පැත්තකට වෙලා ඉන්න එක යනුවෙන් අර්ජුන රණතුංග මහතා සදහන්කර සිටියේය.

මෙහිදී තවදුරත් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට මහින්ද රාජපක්ෂ පාර්ශ්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉඩ දිය යුතු බවයි.

“අද අපිට මැතිවරණයකට යන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මැතිවරණයෙන් ඉතාමත් බුද්ධිමත්ව කල්පනා කරලා හොරු නැතුව, කුඩු කාරයෝ නැතුව, කැසිනෝ කාරයෝ නැතුව, බුකි කාරයෝ නැතුව, එතනෝල් කාරයෝ නැතුව නිවැරදි පුද්ගලයෝ පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව ලැබිලා තියෙනවා.'' යනුවෙන්ද පැවසුවේය

Last modified on Sunday, 28 June 2015 09:44

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us