මහින්දට එජනිස සභාපති ධුරය ? මෛත්‍රී මහින්ද එකඟතා කතා තවදුරටත්.

Published in පුවත්
Saturday, 27 June 2015 14:55

මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමන්ගේ හිතවාදීන්ට නාමයෝජන ලබා දෙමින් එම මැතිවරන සටනට තමා නායකත්වය දිය යුතු බවත් තම පවුලේ සාමාජිකයන්ට එල්ල වී ඇති චෝදනා වලින් නිදහස් කළ යුතු බවත් කියමින් මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන මහතා හා එකඟතාවයකට පැමිණීමට තවමත් උත්සහ කරමින් සිටින බව වාර්තාවේ.

මෙහිදී මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස නම් කළ නොහැකි බවට දැඩි තීරණයක සිරිසේන මහතා සිටින නමුදු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ධුරය පිරිනැමීමට සිරිසේන මහත එකඟ වනු ඇති බව ශ්‍රී ලනීප ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලනිපයේ ජේෂඨ මන්ත්‍රීවරයකු පැවැසූවේ ජනාධිපතිවරයා රාජපක්ෂ මහතාට තනතුරු ලබාදීමෙන් ජනවාරි 08 වන දින සිරිසේන මහතාව ජනාධිපතුධුරයට පත් කළ සියළු කොටස් විරුද්ධවාදින් බවට පත් කර ගැනීමක් විනා වෙන කිසිවක් නොවන බවය. එම තත්වය තුල සිරිසේන මහතා දේශපාලන වශයෙන් පමණක් නොව පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන්ද බරපතල අනතුරු දායක තත්වයකට පත් වීම නොවැලැක්විය හැකි බව ඔහුගේ අදහසය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ හොත් වෙනම කණ්ඩායමක් ලෙස තරග කරන බවත් එමඟින් ශ්‍රී ලනීපය තෙවන ස්ථානයට අද දමන බවටත් මහින්ද රාජපක්ෂ අනතුරු හඟවා ඇත.

කෙසේ නමුත් මෛත්‍රෙපාල සිරිසේන මහතා බලයට පත්කරමින් රාජපක්ෂ රෙජීමය පෙරලා දැමීමට විශාල කාර්ය භාරයක් ඉ‍ටු කළ සමාජ ක්‍රියාකාරීන්ගේ මත වී ඇත්තේ මේ මොහොතේ අවශ්‍ය පක්ෂයක් බේරා ගැනීම නොව රටට සිදු විය හැකි විනාශය වැලැක් වීම බවය.

රාජපක්ෂ වරුන්ගේ සහය ලබා ගැනිමට යාමෙන් රටේ අනාගතය වෙනුවෙන් සිදුවියයුතු ප්‍රජාතනත්‍රවාදී වෙනස් කෙරෙහි බලාපොරොත්තු අත් හැරීමක් වන බවත් ඔවුන් අවධාරණය කරයි. මෙ නිසා මේ මොහොතේදී මුළු වැර යෝදා රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ පාදඩ ජාතිවාදී දේශපාලනය පරාජය කිරීම රටේ සියලු දේශපාලන පක්ෂ වල වගකීමක් බවත් ඒ වෙනුවෙන් සිවිල් සමාජය පෙළ ගැසිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙති.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us