අට දෙනෙක් මැරූ සෙබළා පෝරකයට

Published in පුවත්
Thursday, 25 June 2015 13:35

අහිංසක දෙමළ වැසියන් අට දෙනෙකු ගෙල කපා ඝාතනය කළ බවට චෝදනා ඔප්පු වූ හමුදා සෙබළෙකුට මරණ දඬුවම් නියම වී ඇත. සිද්ධිය 2000 වසරට අදාල එකක් වන අතර සාධාරණය ඉටු කෙරෙන්නේ වසර 15කට පසුය. 

 
පසුගිය යුධ සමයට අදාලව කිසිදු යුධ අපරාධයක් නොවූ බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හමුදා ප්‍රධානීන් සහ බලධාරීන් කොතෙක් කීවද මෙවන් බොහෝ සිදුවීම් සිදු වී නැතිවා විය නොහැක.
 
දැන් සිදුවිය යුත්තේ ඒවා පිළිබඳව  නිසි පරීක්ෂණ කොට අදාල චූදිතයින්ට දඬුවම් පැමිණවීමය. අවමානයකට හේතුවන සිද්ධියකට දඬුවම් කිරීම අවමානයක් නොවේ. ජාත්‍යන්තර මැදිහත් වීමකට මඟ කැපෙන්නේ මෙවන් සිද්ධීන් අළලා දේශීයව නීතිය ක්‍රියාත්මක නොවීම මතය. 
 
අදාල පුවත පහළින් ..
 

2000 නොවැම්බර නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී අහිසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු දෙබළකු වූ රත්නායක මුදියංසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුලක් අද මරණ දඬුවම නියම කළේය.

යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියහ.

ඉන් හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔවුහු නිදහස් කරනු ලැබූහ.

ප්‍රීති පද්මන් සූරසේන සහ ලලිත් ජයසූරිය යන මහාධිකරණ විනිසුරුවරු තීන්දුව ලබා දුන්හ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us