20 ගැන කල් තැබීමේ විවාදයක්

Published in පුවත්
Monday, 22 June 2015 15:16

නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා ගෙන ඒමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව හෙට හා අනිද්දා පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව හෙට පස්වරුවේ සහ අනිද්දා පෙරවරු 09 සිට 06.30 දක්වා එම කල්තැබීමේ විවාදය පවත්වන බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.

අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණි.

එහිදී මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳ විවාදයට අමතරව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද කල් තැබීමේ විවාදයක් පැවත්වීමට තීරණය කර ඇත.

ලබන බ්‍රහස්පතින්දා එම කල්තැබීමේ විවාදය පවත්වන බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us