යුද අපරාධ වාර්තාව සැප්තැම්බරයේ කරලියට

Published in පුවත්
Wednesday, 17 June 2015 10:14

2015 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත මානව හිමිකම් කොමිසමේ 30 වැනි සැසි වාරයේදී ශ්‍රී ලංකා හමුදාව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදුකළ බව පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සකස් කළ වාර්තාව එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊට පෙර වගවීම හා ප්‍රතිසන්ධානය පිළිබඳව ශ්‍රී ලංකාව යාන්ත්‍රණයක් ආරම්භ කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම බලාපොරොත්තුවෙන් පසුවන බවද එම මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.

අදාළ යාන්ත්‍රණය විනිවිදභාවයකින් යුතුව සකස් කිරීම සඳහා මානව හිමිකම් කොමිසම හා ශ්‍රී ලංකා රජය සමීපව සාකච්ඡා පවත්වා තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේම රජය විසින් සම්මත කරනු ලැබූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරගත හැකි බවද මහ කොමසාරිස්වරයා පවසා තිබේ.

පෙරේදා (15) ඇරඹි මානව හිමිකම් කොමිසමේ 29 වැනි සැසි වාරය අමතමින් ඔහු මෙම අදහස් දක්වා තිබේ.

(අද)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us