ධාන්‍ය බදු අඩු කෙරේ

Published in පුවත්
Friday, 25 July 2014 21:15

ආනයනික ධාන්‍ය වර්ග සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත‍්‍රීයේ සිට අඩු කෙරේ. මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශය පවසන්නේ පියළි නොකළ මයිසූර් පරිප්පු සඳහා අය කෙරෙන බද්ද කිලෝග‍්‍රෑම් 01කට රුපියල් 05 සිට රුපියල් 02ක් දක්වා අඩු කෙරෙන බවයි.

පියළි නොකළ වටානා පරිප්පු සඳහා බද්ද කිලෝග‍්‍රෑම් 01කට රුපියල් 22 සිට රුපියල් 15ක් දක්වා ද පියළි කළ වටානා පරිප්පූ සඳහා බද්ද කිලෝග‍්‍රෑම් 01කට රුපියල් 25 සිට රුපියල් 18ක් දක්වා ද අඩුකර තිබේ.

මුංඇට සඳහා අය කෙරෙන බද්ද කිලෝග‍්‍රෑම් 01කට රුපියල් 102 සිට රුපියල් 70ක් දක්වා අඩු කිරීමට නියමිතය. කවුපි සඳහා බද්ද ද කිලෝග‍්‍රෑම් 01කට රුපියල් සියයේ සිට රුපියල් 70ක් දක්වා අඩු කෙරේ.

පියළි නොකළ කඩල සඳහා බද්ද කිලෝග‍්‍රෑම් 01කට රුපියල් 12සිට රුපියල් 07ක් දක්වාත් පියළි කළ කඩල සඳහා බද්ද කිලෝග‍්‍රෑම් 01කට රුපියල් 15 සිට රුපියල් 10ක් දක්වාත් අඩු කෙරෙනු ඇත.

රටතුළ පවතින නියඟය හේතුවෙන් දේශිය ධාන්‍ය සැපයුම පහත වැටීම නිසා වෙළෙඳ පොලෙහි ධාන්‍ය හිඟයක් ඇතිවීම වලක්වා ගැනීමට මෙම බදු සංශෝධනය සිදුකළ බව මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us