අස්ගිරි මහනාහිමියන් අපවත් වෙයි(update)

Published in පුවත්
Wednesday, 08 April 2015 10:30

රෝගාතුරුව සිටි සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් හදිසියේම අද (08) අලූයම අපවත් වී තිබේ.

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී මහනාහිමියන් අපවත් වූ බව වාර්තාවේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් පසුගිය මාර්තු මාසයේදී වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් ඇත.

1930 වසරේ මාර්තු මස 17 වන දා උපත ලැබූ අස්ගිරි මහනාහිමියන් අපවත් වන විට 86 හැවිරිදි වියේ පසුවූයේය. අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් ලෙස කටයුතු කළ උන්වහන්සේ එම පාර්ශවයේ මහනායක ධුරයට පත්වූයේ 1999 වර්ෂයේ දෙසැම්බර් මාසයේදිය.

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමිපාණන් වහන්සේගේ දේහය අද රාත්‍රී ගුවන් මගින් දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

දේහය මෙරටට රැගෙන ඒම සඳහා රජය නියෝජනය කරමින් විශේෂ නියෝජිතයෙකු ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත. දිවයිනට අද රාත්‍රී රැගෙන එන අස්ගිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය රිය පෙරහැරකින් හෙට උදෑසන 7ට කොළඹ සිට මහනුවරට රැගෙන යාමට නියමිත බව අවමංගල්‍යය කමිටුව සඳහන් කළේය.

දැනට සාකච්ඡා කරගෙන ඇති පරිදි ලබන 12 වැනිදා අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.

 

Last modified on Wednesday, 08 April 2015 13:27

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us