දුමින්දට ඇප- රට යන්නත් බෑ

Published in පුවත්
Wednesday, 01 April 2015 11:55

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවන් 11 දෙනකුට අද (01)කොළඹ මහාධිකරණයේ දී චෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු එම සියලු දෙනාට දැඩි ඇප කොන්දේසි ද පැනවිනි. දුමින්ද සිල්වාගේ ගමන් බලපත්‍රයට උසාවි භාරයට ගත් අතර ඔහුගේ පෙර ඇපය ද වැඩි කළේය.

ඒ අනුව රුපියල් දස ලක්ෂය බැගින් වූ ඇපකරුවන් දෙදෙනකු ඉදිරිපත් කරන ලෙස අලුතෙන් නියම කළේය.

මාසයකට වරක් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කළ අතර සැකකරුවන්ගේ මුළු ගණන 13කි.සැකකරුවෝ දෙදෙනෙක් අධිකරණයට පැමිණ නොසිටියහ.

2011 ඔක්තෝබර 08 වැනි දා පළාත් පාලන ඡන්දය දා කොලොන්නාවේ දී භාරත ඇතුළු සිව් දෙනෙක් වෙඩි තබා මරා දැමීමට සැකපිට දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට නඩු පවරා ඇත. ඇප කොන්දේසි කඩකළ සැකකරුවන් රිමාන්ඩ් කරන බවට විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය සැකකරුවනට අවවාද කළාය.

Last modified on Wednesday, 01 April 2015 14:57

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us