මැතිවරණ ක්‍රමය සංශෝධනයට මාස 3ක්‌වත් ඕනෑ - මැකො

Published in පුවත්
Wednesday, 11 March 2015 08:16

පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අවම වශයෙන් මාස තුනක්‌වත් ගතවන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අනෙකුත් පක්‌ෂ නියෝජිතයින්ට ඊයේ (10 දා) දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේදී ඊයේ අගමැති ඇතුළු දේශපාලන පක්‌ෂ සහ මැතිවරණ කොමසාරිස්‌වරයා අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්‌ පැවැති අතර මෙහිදී මැතිවරණ කොමසාරිස්‌වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

දිනකට පැය 12 ක්‌ වත් සේවය කළහොත් අදාළ ඉලක්‌කයට යා හැකි බව පවසා ඇති මැතිවරණ කොමසාරිස්‌වරයා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී මතුවන දුෂ්කරතා සම්බන්ධව මෙහිදී දේශපාලන පක්‌ෂ නියෝජිතයින් දැනුවත් කර ඇත.

කෙසේ වෙතත් මෙහිදී පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු ආකාරය සම්බන්ධව අවසන් එකඟතාවකට පැමිණ නොමැති අතර මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවට යෝජනා වී තිබේ.

සුළු පක්‌ෂවලට අසාධාරණයක්‌ නොවන ලෙස මැතිවරණ ක්‍රමයට සංශෝධන ගෙන එන්නැයි අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා විපක්‌ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්‌, රිෂාඩ් බදියුදීන්, විඡේදාස රාජපක්‌ෂ, කරු ජයසූරිය, විජිත හේරත්, ආර්. සම්බන්දන්, එම්. සුමන්දිරන්, ඩග්ලස්‌ දේවානන්ද, තිස්‌ස විතාරණ, ඩිව් ගුණසේකර, දිනේශ් ගුණවර්ධන, පී. දිගම්බරන්, සී. රාධා ක්‍රිෂ්ණන්, ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

මෙම සාකච්ඡා තවදුරටත් පැවැත්විය යුතු බවට ද මෙහිදී තීරණය වී ඇත.


divaina

Last modified on Wednesday, 11 March 2015 08:33

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us