එජාපය මැතිවරණයට සූදානම් වේ

Published in පුවත්
Friday, 27 February 2015 08:04

එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එහි පළමු පියවර වශයෙන් මාර්තු පළමු සතියේ සිට නව සාමාජිකයන් බඳවා ගැනීම සිදු කරන බව කී වික්‍රමසිංහ මහතා එජාප සාමාජිකත්වය සියලු දෙනාටම විවෘත බව ද කීය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ කෝට්ටේ සිරිකොත එජාප මූලාස්ථානයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවක දී ය.

මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ නිලධාරින් ඇතුළු ප්‍රබලයන් සමඟ පැවැත්වූ සාකච්ජාවක් අතරතුර දී මෙම මාධ්‍ය හමුව පැවැතිවිණි. මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ පවතින මැතිවරණ ක්‍රමය යටතේම බව මාධ්‍යවේදිනියක ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කීය.

මැතිවරණ සටන මෙහෙයවීම සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධාන නිලධාරින් සමඟ සාකච්ජා කර තීරණවලට එළැඹුණු අතර මැතිවරණ ව්‍යාපාරයේ වගකීම් භාර දීමේ කටයුතු සියයට අනූවකින් අවසන් බව ද කී අගමැතිවරයා එජාපයට සහාය දෙන භික්ෂු සංවිධාන ඇතුළු සියලුම දෙනාගේ ශක්තිය ලබා ගෙන මැතිවරණයට සුදානම් වන බව ද කීය. ජන්ද සටන තමාගේත් පක්ෂයේ සභාපති සහ මහලේකම්ගේ මෙහෙයවීම මත සිරිකොත මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව ද අගමැතිවරයා කීය.

මැතිවරණය ජයග්‍රහණය කළ හැකි ජන්ද පදනමක් ඇති අය අපේක්ෂකයන් වශයෙන් තෝරා ගන්නා බවත් ඒ අනුව සංවිධායකයන් පත් කෙරෙන බවත් පැවසූ අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සළකුණ යටතේ තරග කරන අනෙකුත් පක්ෂ සමඟ ද සාකච්ජා කර ඒ ඒ දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් බෙදා ගන්නා බවත් පැවැසීය.

යහපාලනයට සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙන පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව සඳහන් කළ අගමැතිවරයා මැතිවරණයෙන් පසුව පත්වෙන පාර්ලිමේන්තුවේ දී සහාය දෙන පක්ෂ එකතු වී ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට බලාපොරොත්තු වන බව ද කීය.

මෙම අවස්ථාවට පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම, මහ ලේකම් කබීර් හෂීම්, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රෝසි සේනානායක, රුවන් විජේවර්ධන, එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහත්වරුන් ඇතුළු පක්ෂයේ නිලධාරීහූ සහභාගි වූහ.

 

 

dinamina

Last modified on Friday, 27 February 2015 08:10

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us