ආනන්ද කුමාරස්වාමි මාවත නැවත විවෘත වේ

Published in පුවත්
Wednesday, 11 February 2015 10:07

කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10) විවෘත කළේය.

පසුගිය රජය මගින් එම මාර්ගය නෙළුම් පොකුණ මාවත ලෙස නම් කර තිබු අතර එය ඉතිහාසඥයකු මෙන්ම ප්‍රවීණ විද්වතකු වන නැසීගිය ආනන්ද කුමාරස්වාමි මහතාට අවමන් කිරීමක් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම මාර්ග යළි ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස කොළඹ මහ නගර සභාව විසින් නම් කෙරිණි.

අමාත්‍යවරුන් වන කරූ ජයසුරිය, සුජීව සේරසිංහ, ඩී.එම් ස්වාමිනාදන් මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වුහ.

කීර්තිමත් ඉතිහාසඥයකු හා කලාකරුවෙකු ලෙස ප‍්‍රකට ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි මහතා ශී‍්‍ර ලාංකික විද්වතෙකි.

ඔහු විසින් රචිත 'මධ්‍ය කාලීන සිංහල කලා' නැමැති කෘතිය නුවර යුගයේ මෙරට පැවති කලා සම්ප‍්‍රදායන් පිළිබඳ කරන විශිෂ්ඨතම විග‍්‍රහය ලෙස සලකයි.

කුමාරස්වාමි මහතා 1877 වසරේ අගෝස්තු 22 දින කොළඹදී උපත ලබා ඇති අතර 1947 සැප්තැම්බර් 09 දින ඇමරිකාවේ, මැසචුසෙට්ස් හිදී අභවප‍්‍රාප්ත විය.

ananda-kumaraswami2

ananda-kumaraswami1

ananda-kumaraswami3

ananda-kumaraswami4

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us