ඇපල් අත්අඩංගුවට ගත්තා පමණයි.පරීක්ෂණ තවමත් නෑ

Published in පුවත්
Tuesday, 03 February 2015 10:27

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වෙළෙඳ පොළ තුළ අලෙවියට තබා තිබූ ඇමෙරිකාවෙන් ආනයනය කළ ඇපල් තොග අත්අඩංගුවට ගත්තද, එම ඇපල්වලින් එක ගෙඩියක්වත් මෙතෙක් පරීක්ෂණයකට ලක්කර නැතැයි වාර්තා වේ.

ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල මට්ටමින් වෙළෙඳ පොළේ තිබූ ඇපල් ඉවත්කිරීම ජනවාරි 25 වැනිදා සහ 28 වැනිදා කාලය තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ අතර, එම ඇපල් තොග සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගබඩා සහ වෙළෙඳ සැල් ගබඩා තුළ තබා මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.

විෂකාරකයක් අඩංගු බවට ඇති වූ සැකය මත අත්අඩංගුවට ගත් ඇපල් තොගවල සාම්පල් පරීක්ෂා කළ යුතු වුවද, මෙතෙක් එම සාම්පල් පරීක්ෂා කිරීමට අදාළ ආයතන වෙත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් යවා නොමැත.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ, අත්අඩංගුවට ගෙන තිබෙන ඇපල්වල සාම්පල් රසායනාගාරවලට යැවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ඉල්ලා තිබෙන බවයි.
එහෙත් මෙතෙක් එම අවසරය ලැබී නොමැති බවත්, අවසර ලැබුණු පසු සාම්පල් පරීක්ෂණාගාර වෙත යැවීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.

මේ නිසා අත්අඩංගුවට ගෙන තිබෙන ඇපල් විනාශ වී යමින් තිබෙන බව සඳහන් වන අතර, අදාළ පරීක්ෂණ කටයුතු සිදුකර ඇපල් තුළ විෂකාරකයක් අඩංගුද, නැද්ද යන්න සොයාබලා ගැටලුවක් නොමැති නම් ඒවා මුදාහැරීමේ ක්‍රමවේදයද මේ වනවිට දවසින් දවස කල්යමින් තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us