තිස්ස හිරබත් කන්නේ ටිරාන් අලස්ගේ ලනු කෑ නිසා

Published in පුවත්
Tuesday, 03 February 2015 10:11

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අද සිරබත් කෑමට සිදුව ඇත්තේ ටිරාන් අලස් නම් පාප මිත්‍රයාගේ ඇසුර නිසා බව තිස්ස අත්තනායක මහතාගේ සමීපතමයකු ලංකාඩේලි වෙත පැවැසීය.

ඊයේ අත්තනායක මහතාව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවැසීය.

අත්තනායක මහතා අවසන් මොහොතේ එජාපය හැර යාම සිදු කරන ලද්දේ අලස් ගේ උපදෙස් මත බව ද ඔහු පැවැසීය. එමෙන්ම මෙම ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා අත්තනායක මහතාගේ හිටපු ලේකම්වරයකු හා සමීපව සිටි තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුද සම්බන්ධ බවත් ඔවුන්වත් ඉදිරිදින කිහිපයේදී අත් අඩංගුවට ගනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.

ජනාධිපතිවරණයට පෙර එකසත් ජාතික පක්ෂය තුල විවිධ අර්බුද ගොඩ නැගීම සඳහා ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මව්බිම පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් හා සිරස හිමිකරු කිලී මහරාජා දිගින් දිගටම විවිධ කුමන්ත්‍රනකාරී සැලසුම්වල යෙදුන බවත් ඊට ඉතා අවාසනාවන්ත ලෙස අත්තනායක මහතා කො‍ටු වූ බවත් ඔහු පෙන්වා දෙයි.

කිලී මහරාජා පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කළද ටිරාන් අලස් දිගින් දිගටම එජපය තුල ගැටළු ඇති කිරීමට කටයුතු කළේය. මේ වෙනුවෙන් අත්තනායක මහතාට කෝටි ගන්නක් වටින සුඛෝපභෝගී මෝටර් රථයක් මෙන්ම කෝටි ගනනක මුදලක්ද ලබා දුන් බවද විවිධ මාධ්‍යවල ප්‍රචාරය විය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us