තී‍්‍රරෝද රථ ගාස්තුවට බාලගිරි

Published in පුවත්
Friday, 30 January 2015 13:31

ඉන්ධන මිල පහත වැටීම ඇතුළු රජය ලබාදුන් සහනදායි තත්වයන් මත තී‍්‍රරෝද රථ ගාස්තු පහත දැමීම පිළිබඳ යෝජනා සිහිනයක් පමණක් වනු ඇති බව සමස්ත ලංකා ති‍්‍රරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි.

නියාමන වැඩපිළිවෙලක් නිසි ලෙස කි‍්‍රයාත්මක වන තුරු යම් තීරණයක් එකසේ කි‍්‍රයාවටනැගිය නොහැකි බව එම සංගමය පෙන්වා දේ. ඒ අනූව දින සියයේ වැඩපිළිවෙලට අනූව තී‍්‍රරෝද රථ නියාමනය වෙනුවෙන් වූ වැඩපිළිවෙලකට විශේෂ කමිටුවක් පත් කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටියේය.

ඉන්ධන ගාස්තු පහත දැමීම සැළකිල්ලට ගනිමින් තී‍්‍රරෝද රථ ගාස්තුව පහත නොදමන්නේදැයි කළ විමසීමකදී සමස්ත ලංකා තී‍්‍රරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ඉහත අදහස් පල කළේය.

බස් ගාස්තු මෙන්ම තී‍්‍රරෝද රථ ගාස්තුවද සියයට දහයකින් පහත දැමීමට යෝජනා කරන බව අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට ඉහතදී ප‍්‍රකාශ කළේය. එහෙත් එවැනි තීරණයක් කි‍්‍රයාත්මක කළ හැකි වන්නේ නියාමන වැඩපිළිවෙලක් කර්මාන්තයට අදාළව කි‍්‍රයාත්මක වන්නේනම් පමණක් බව ලලිත් ධර්මසේකර මහතා පෙන්වා දුන්නේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us