මහින්ද, විමල්, උදය, ටිරාන්, තිස්ස දේශපාලන අනාථයන්ගේ සන්ධානයක් හදයි

Published in පුවත්
Saturday, 24 January 2015 13:54

ඉදිරි මහ මැතිවරණය සඳහා කිසිදු ප්‍රධාන පක්ෂයකින් නාම යෝජනා ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන අනාථයන් එකතු කොට නව දේශපාලන සන්ධානයක් ගොඩනැගිමේ උත්සහයක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් උත්සහ කරමින් සිටින බව වාර්තාවේ.

පරාජිත ජනාධිපති අපේක්ෂකයා වූ මනින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් මෙම සන්ධානය ගොඩනැගීමට ඔවුන් බලාපොරොත්තු වන අතර මේ සඳහා හෙළ උරුමයෙන් ඉවත්කරනු ලැබූ උදය ගම්මන්පිළ, එජාපයෙන් ඉවත් කරනු ලැබු තිස්ස අත්තනායක හා පසුගිය කාලයේ එජාපයෙන් සන්ධාන ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී පිරිසක්ද සූදානමින් සිටී.

එමෙන්ම පත්කළ මන්ත්‍රී ටිරාන අලස්ද මෙම සන්ධානයට එක්වීමේ අපෙක්ෂාවෙන් පසුවෙයි. පසුගිය කාලයේ සන්ධාන ආණ්ඩුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා ගැනීම සඳහා රාජපක්ෂවරු වෙනුවෙන් කෝටි සියගනනක් ඔහු වැය කළේය.


කෙසේ නමුත් ඉදිරි මහමැතිවරණයේදී නාමල් රාජපක්ෂට ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි. එහෙත් පසුගිය ජනවාරී 09 වන දින පාන්දර බලය කොල්ල කෑමේ කුමන්ත්‍රණයක් සිදු කළ බවට නැගෙන චෝදනා ඔප්පු වුවහොත් මහින්ද රාජපක්ෂ අධිකරණය හමුවට ඉදිරිපත් කරණු ඇති අතර ශ්‍රි ලනීපයේ අනුශාෂක ධුරයෙන්ද ඉවත් කෙරෙණු ඇත. ඒ අනුව නාමල් රජපක්ෂට වුව ශ්‍රී ලනීපයෙන් නමයෝජනා ලැබීම අවිනිශ්චිතය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us