CSN එකෙන් ක්‍රිකට්‌ තරග ගැලවෙයි!

Published in පුවත්
Saturday, 24 January 2015 08:00

දැනට සී.එස්‌.එන්. නාලිකාව සතු කරගෙන ඇති ක්‍රිකට්‌ තරග විකාශන අයිතිය යළි ජාතික රූපවාහිනියට ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

නීත්‍යනුකූලව ක්‍රිකට්‌ විකාශන අයිතිය පැවරී තිබුණේ ජාතික නාලිකාවට පමණක්‌ වුවද, අදාළ පනත සංශෝධනය කරමින් පසුගිය රජය විසින් ක්‍රිකට්‌ තරග විකාශන අයිතිය රාජ්‍ය හෝ ක්‍රීඩා නාලිකාවකට ලබා දිය හැකි බවට නීති ගෙන ආ බව ද දිසානායක මහතා කීවේය. ඒ අනුව පෞද්ගලික නාලිකාවක්‌ වන සී.එස්‌.එන්. නාලිකාවට ක්‍රිකට්‌ තරග විකාශනය කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් ම පවරා දී තිබූ බව කී දිසානායක මහතා එම නාලිකාව රටේ සියලු ප්‍රදේශ ආවරණය නොකරන නිසා ක්‍රිකට්‌ ක්‍රීඩාලෝලීන් රැසකට දැඩි අසාධාරණයක්‌ වූ බව ද කීය.

පනතට ගෙන ආ එම සංශෝධනය යළි වෙනස්‌ කර තරග විකාශන අයිතිය නැවත ජාතික නාලිකාව වෙත පවරා ගැනීම පිළිබඳ සොයා බැලීම කරන බව ද ඉදිරි සති දෙක තුළ මේ සම්බන්ධව අවසන් තීන්දුවක්‌ ගන්නා බව ද දිසානායක මහතා පැවැසීය.

එමෙන්ම ජාතික රූපවාහිනියේ කැමරා ඇතුළු උපකරණ සී.එස්‌.එන්. නාලිකාව විසින් භාවිතා කර ඇති බවට ද පැමිණිලි ලැබී ඇතැයි කී දිසානායක මහතා ඒ පිළිබඳව ද සොයා බලන බව කීය.

රාජපක්ෂ පවුලේ පුතුන් වන යෝශිත රාජපක්ෂට හා නාමල් රාජපක්ෂට මෙම රූපවාහිනී ආයතනයේ හිමිකාරිත්වය පවතී. එමෙන්ම ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුන්ගේ මෙම නාලිකාවේ විධායක නිළධාරියකුවේ.

 

දිවයින ඇසුරෙණි

Last modified on Saturday, 24 January 2015 08:01

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us