රජයේ වෙළඳ දැන්වීම මාධ්‍යයට තහනම්

Published in පුවත්
Friday, 23 January 2015 13:40

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය ආයතනවලට මාධ්‍ය වෙළඳ දැන්වීම් පලකිරීම තහනම් කොට ඇත. එම තීරණය ඉතාම හොඳ එකක් ලෙස ඇගයීමට ලක්වී තිබේ. නමුත් එම තීරණය නිසා පුද්ගලික මාධ්‍ය ආයතන විශාල මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති බව එම ආයතනවල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිති.

පසුගිය දස වසර පුරා රාජ්‍ය ආයතන තම දූෂන ක්‍රියාවන් සහ නාස්තිකාර ක්‍රියාවන් සමාජයෙන් සඟවා තබන ලද්දේ වෙළඳ දැන්වීම් පුද්ගලික මාධ්‍ය ආයතනවලට ලබාදීම හේතුවෙනි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති නිවාඩ් කබ්රාල්ගේ දූෂිත ක්‍රියාවක් ලිඛිත සාක්ෂි සහිතව පුද්ගලික මාධ්‍ය ආයතන හරහා පලකර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුට එම සෑම මාධ්‍ය ආයතනයකම කතෘවරුන් කියා තිබුනේ ‘ඔය නිවුස් එක දාල අපිට සෙන්ට්‍රල් බෑන්ක් එක වගේ හොඳ එකවුන්ට් එකක් නැති කර ගන්ඩ බෑ' කියාය.

මෙම තත්වය මනාව තේරුම් ගෙන ඇති ජනාධිපතිවරයා තවදුරටත් තත්වය එසේ සිදුවීමට ඉඩනොදී වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතන වෙළඳ දැන්වීම් පලකිරීමෙන් වලකින ලෙස නියෝග කිරීම ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා තබන ලද ඉදිරි පියවරක් වශයෙන් සමාජ ක්‍රියාකාරීන්ගේ ඇගයීමට ලක්වී තිබේ.


lankanewsweb

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us