මෛත්‍රී - රනිල් අත්සන් මගඩියට තිස්ස කො‍ටුවන ලකුණු

Published in පුවත්
Thursday, 22 January 2015 08:21

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා එවකට විපක්ෂයෙ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර වූ රට බෙදන ගිවිසුමක් බව හඟවා ව්‍යාජ ලේඛනයක් මාධ්‍යට ඉදිරිපත් කර පුරවැසියන් නොමඟ යැවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යයි.

මේ සම්බන්ධයෙන් ඊයේ ඊට අදාලව ප්‍රචාරක දැන්වීම් සකස් කළ මීඩියා ෆැක්ටරි නම් ප්‍රචාරක ආයතනයේ හිමිකරුවන්ගෙන් පොලීසිය ප්‍රශ්න කර ඇත. එහිදී ඔවුන් පවසා ඇතේ තමන්ට මෙම දැන්වීම නිර්මාණය කර දෙන ලෙස ඒ ලබා දුන්නේ ට්‍රයි ඇඩ්ස් නැමැති තවත් ප්‍රචාරක ආයතනයක් විසින් බවය.

මෙම ට්‍රයි ඇඩ්ස් ප්‍රචාරක ආයතනය හිටපු ජේෂ්ඨ ඇමැති සාරත් අමුණුගම මහතාගේ බෑණනුවන් වන දිලිත් ජයවීරට අයත් ආයතනයකි. රාජපක්ෂවරුන්ගේ මඩ ප්‍රචාරක දැන්වීම් ‍රැසක් නිර්මාණය කර තිබුණේ මෙම ආයතනයයි.

කෙසේ නමුත් මෙම ව්‍යාජ අත්සන් සහිත ගිවිසුම මාධ්‍ය හමුවට ඉදිරිපත් කළේ පක්ෂ මාරු කළ එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක විසිනි. එහි වගකීම ඔහු විසින් බාර ගනු ලැබූ අතර ඔහු දිගින් දිගටම මාධ්‍ය සාක්ච්ඡා පවත්වමින් මෙම ගිවිසුමේ ඇති බරපතලකම ගැන තොරතුරු පැවැසුවේය.

පසුව මෙය ව්‍යාජ අත්සන් යොදා සකස්කරනු ලැබු ව්‍යාජ ලේඛනයක් බව සනාත විය. මෙම ලේඛනය සකසා ඇත්තේද තිස්ස අත්තනායක හා ඔහුගේ මාධ්‍ය ලේකම් වරයා වූ දිනෙෂ් දොඩංගොඩ විසින් බවට වාර්තා පලවීද තිබිණි . මෙම වරදට වසර 6 ක සිර දඬුවම් ලබා දිය හැකි බව නීතිඥවරු පෙන්වා දෙයි.

Last modified on Thursday, 22 January 2015 08:24

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us