තිස්‌ස, ආණ්ඩු පක්ෂයේ ආසනයක් ඉල්ලලා !

Published in පුවත්
Wednesday, 21 January 2015 07:34

එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරයකු වන තමන්ට ආණ්‌ඩු පක්‌ෂයේ අසුනක්‌ වෙන්කර නැති බව පවසමින් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේ සභා ගැබට නොපැමිණ යළි හැරී ගොස්‌ ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන ආකාරයට තිස්‌ස අත්තනායක මහතා මේ පිළිබඳව මහ ලේකම් ධම්මික දසනායක මහතාගෙන්ද විමසීමක්‌ කර තිබේ. මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ සභානායකවරයා විසින් ලබාදුන් මන්ත්‍රී ලැයිස්‌තුවට අනුව අසුන සකස්‌ කළ බවය.

ඉන්පසුව තිස්‌ස අත්තනායක මහතා කථානායක චමල් රාජපක්‌ෂ මහතා හමුවී මේ පිළිබඳව විමසා ඇත. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා හමුවී ගැටලුව විසඳා ගන්නා ලෙසට කථානායකවරයා අත්තනායක මහතාට දැනුම්දී තිබේ. අත්තනායක මහතාට විපක්‌ෂයේ අසුනක්‌ ලබාදිය හැකි බව මහලේකම්වරයා ප්‍රකාශ කළ බව තිස්‌ස අත්තනායක මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.

තමන් එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරයෙකු බැවින් විපක්‌ෂයේ අසුන් ගතහොත් සිය මන්ත්‍රීධුරය අහිමිවීමේ අවදානමක්‌ ඇතැයි ප්‍රකාශ කර ඇති තිස්‌ස අත්තනායක මහතා විපක්‌ෂයේ අසුන් ගැනීම ප්‍රතික්‌ෂේප කර පාර්ලිමේන්තුවෙන් පිටව ගොස්‌ ඇත.

 

 

 

divaina

Last modified on Wednesday, 21 January 2015 07:35

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us