නීතීඥ බැසිල් ප්‍රනාන්දු සමග විවෘත සාකච්ඡාවක්

Published in පුවත්
Tuesday, 20 January 2015 20:29

ශ‍්‍රී ලංකාවේ මෙන්ම ආසියානු රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් පිරිනමන ‘‘රයිට් ලයිව් හුඩ් අවෝර්ඩ්’’ (the Right Live hood Award) නමැති ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ආසියානු මානව හිමිකම් කොමිසමේ (hongkong) අධ්‍යක්ෂවරයා ද වූ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා සමග ‘‘නීතියේ ආධිපත්‍යය හා යහපාලනය’’ නමින් පැවැත්වෙන විවෘත සාකච්ඡාව 2015 – 01 – 23 දින පෙ:ව: 09;30 සිට ප:ව: 01.00 දක්වා කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්වේ.

විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව පිළිබඳ සෘජුව ම මැදිහත්ව කටයුතු කළ ඔහු එම විෂයට අදාළ ප‍්‍රකාශන ගණනාවක් ද සම්පාදනය කර ඇත. එමෙන් ම නීතිඥයකු, ලේඛකයකු මතු නොව කවියකු ද වන බැසිල් ප්‍රනාන්දු මහතාට පසුගිය වකවානුවේ සිය මව්බිමට පා තැබීමේ වරම ද අහිමි කොට තිබිණ.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රවීණ සිනමාවේදී, නාට්‍යවේදී ධර්මසිර බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ සංවිධාන ගණනාවක ප‍්‍රධානීන් සහභාගී වීමට නියමිතය.

වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ පානදුර ආතර් වී. දියෙස් මාවතේ අංක 81/2 ස්ථානයේ පිහිටි ‘‘ජනසංසදය’’ මගිනි.

 

 

Last modified on Tuesday, 20 January 2015 20:31

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us