අරලිය මැදුරේ කුමන්ත්‍රණය ගැන සතියකින් වාර්තාවක්

Published in පුවත්
Tuesday, 20 January 2015 15:30
ඡන්දය දින රාත්‍රී සිදුකිරීමට ගිය බව කියන කුමන්ත්‍රණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට පවත්වාගෙන යන පරීක්ෂණයේ වාර්තාව සතියක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය යන එකඟතාවයට අද රැස්වූ ජාතික විධායක සභාව පැමිණි බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 
ඒ අනූව ජයග්‍රාහි පාර්ශවයට බලය නොදීම සඳහා සැලසුම් කළ බව කියන කුමන්ත්‍රණය ගැන අද දිනයේ ජාතික විධායක සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ඔහු පවසයි. 
 
එසේම රහස් පොලීසිය විසින් අදාළ පාර්ශවයන්ගෙන් කටඋත්තර ලබාගෙන සතියක් ඇතුළත එහි වාර්තාවක් සකසා ඉදිරිපත් කළ යුතු බවට එකඟතාවයට පැමිණි බව ඒ මහතා පවසයි. 
 
තවද අදාළ පරීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කිරීමටද තීරණය වූ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද රැස්වූ ජාතික විධායක සභාවේදී තීරණයකට එළඹි බව කියා සිටියේය.
 
අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ඉවත් කර වෙනත් අධ්‍යක්ෂවරයකු පත් කරන්නත් එකඟතාවකට ආවා. යුද්ධෙන් පස්සේ ඒ ප්‍රදේශවල වාහන, දේපළ, රත්තරන්වලට මොකද වුණේ කියා සොයාන්නත් තීරණයක් ගත්තා.මෙවැනි වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගන්න අද රැස්වුණු ජාතික විධායක සභාවට හැකි වුණා යනුවෙන් ඔහු වැඩි දුරටත්  පැවසුවේය

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us