තවත් ආයතන 6 ක් ගැන අල්ලස් කොමිසමට පැමිණිළි

Published in පුවත්
Tuesday, 20 January 2015 15:04

ආයතන ගනනාවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට අද (20) පැමිණිලි කරන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (සේලයින් නිශ්පාදන ව්‍යාපෘතිය), සිරිලිය සවිය, ලංකා වානේ සංස්ථාව, ලක්සල මිහින් ලංකා කොස්මෝස් ඒවියේෂන් හා ශ්‍රී ලන්කන් එයාලයින්ස් යන ආයතන මෙම පැමිණ්ල්ලට අදාල වන බව සදහන්වේ. මෙම ආයතන සම්බන්ධයෙන් පැමිණිලි 5 ක් බාර දීමට නියමිත බව එම පෙරමුණ පලකල නිවේදනයේ සදහන්වේ.
එම පෙරමුණ පලකල නිවේදනය පහත පළවේ.

දුෂණ විරෝධී පෙරමුණ මගින් ජනවාරි 20 සවස 2.00 ට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත දුෂණ චෝදනා පිළිබඳ පැමිණිලි 5ක් බාර දීමට නියමිතය.

පසුගිය වසර 10 ක කාලය තුල සිදු කළ වංචා හා දුෂණ සම්බන්ධයෙන් වන තොරතුරු ලබා දෙන ලෙස දුෂණ විරෝධී පෙරමුණ විසින් ජනතාව වෙත ඉල්ලීමක් සිදු කළේය. ඒ අනුව මේ වන විට පැමිණිලි 800 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඒ පිළිබඳ වන තාක්ෂණික ක්‍රියාවලිය මේ වන විට සිදු කරමින් තිබේ.

1. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (සේලයින් නිශ්පාදන ව්‍යාපෘතිය – පා.ම. නාමල් රාජපක්ෂ)

3. සිරිලිය සවිය

4. ලංකා වානේ සංස්ථාව

5. ලක්සල

6. මිහින් ලංකා/කොස්මෝස් ඒවියේෂන් හා ශ්‍රී ලන්කන් එයාලයින්ස්

මෙයට අමතරව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇති මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් වන ලිපිගොනුවක් අද දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත බාරදීමට නියමිතය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us