19 වන ව්‍යවස්ථා සංශෝධනය සූදානම්-අගමැති

Published in පුවත්
Monday, 19 January 2015 13:40

ජනාධිපතිවරයාගේ විධායක බලතල  කප්පාදු කරීම,ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ඇතුලත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(19) කොළඹ පැවැති උත්සවයකදී පැවැසීය.

මේ වන විටත් එහි කෙ‍ටුම්පත් කිරීම සිදුකර ඇති බවත් අගමැතිවරයා නුදුරේම ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පැවසීය.‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

ශ්‍රී ලංකාවේ නීතිපති ධූරය පිහිටුවා වසර 130 පිරීම නිමිත්තෙන් අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විනි.

මෙයට දකුණු, නැගෙනහිර හා අග්නිදිග ආසියා රටවල නීතිපතිවරුන්ගේ සමුළුව සඳහා අග විනිසුරු මොහාන් පීරිස් මහතා සහභාගී වී නොසිටියේය.

මීට පෙර සඳහන් වූයේ අග විනිසුරුවරයාට ආරාධනයක් යවා තිබූ බවයි. එහෙත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අග විනිසුරු මෙම උත්සවයට සහභාගී වීමට විරෝධය පළ කර ප්‍රකාශ නිකුත් කර තිබිණි.

මේ නිසා අග විනිසුරු මෙම උත්සවයට සහභාගී නොවන්නේ නම් ‍තමන් සතුටට පත්වන බවට නීතිපති යුවන්ජන් විජයතිලක මහතාද නිවේදනයක් නිකුත් කළේය.

Last modified on Monday, 19 January 2015 15:41

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us