දේශපාලන පිල්මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී තනතුර අහෝසි කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දුකර අැත.
ආණ්ඩුවට උපදෙස් ලබාදීම සඳහා පත්කළ ජාතික විධායක සභාව එකොළොස් දෙනෙකුගෙන් සමන්විතය.එයට ජනාධිපති, අගමැති ඇතුළු පක්ෂ නායකයන් නව දෙනෙක්ද ඇතුළත් වෙති.