රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු දරන හමුදා නිලධාරීන් ඉවතට

Published in පුවත්
Tuesday, 13 January 2015 08:24

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු දරමින් එම ආයතනවලට අනුයුක්‌තව රාජකාරි කරනු ලබන සියලුම හමුදා නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කිරීමට නව රජය තීරණය කර තිබේ.

අදාළ තනතුරු සඳහා සිවිල් නිලධාරීන් පත් කර එකී තනතුරුවල තිබූ හමුදාමය ස්‌වභාවය ඉවත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

පසුගිය රජය සමයේ විශ්‍රාමික සහ දැනටත් සක්‍රීය සේවයේ සිටින ආරක්‍ෂක හමුදා නිලධාරීන් රැසකට විවිධ රාජ්‍ය ආයතනවල උසස්‌ තනතුරු ලබාදී තිබිණි.

එහිදී රාජ්‍ය සේවය හමුදාකරණය වෙමින් තිබෙන බවට වූ චෝදනාවක්‌ රාජ්‍ය සේවා වෘත්තීය සමිති ඇතුළු නොයෙකුත් පාර්ශ්ව වෙතින් පැවැති රජයට එල්ලවී තිබිණි.

ආපදා කළමනාකරණ, නාගරික සංවර්ධන, පුනරුත්ථාපන ආදී ලෙසින් රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ තනතුරු ඉකුත් කාලයේ හමුදා නිලධාරීන් විසින් දරන ලදී.

Last modified on Tuesday, 13 January 2015 08:28

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us