ක්‍රිකට් ආයතනයෙන් තවත් සුදු අලියෙක්

Published in පුවත්
Thursday, 03 July 2014 12:39

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වනතෙක් කිසිඳු අනුග්‍රාහකු සොයාගැනීමට සමත් වී නැත. මේ හේතුවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට අධික පාඩුවක් ලැබීමට සිදුව තිබේ.

වයස 23 න් පහළ පළමු පෙළ තරගාවලිය සදහා කණ්ඩායම් 14 ක් ක්‍රීඩාකරනු ලබන අතර ඒ ඛාන්ඩ දෙකක් යටතේයි. මෙම තරගාවලිය සදහා රුපියල් මිලියන 23 ක් වැයවෙතැයි සදහන්.

ක්‍රිකට් ආයතනය සකස්කර ඇති අය වැය වාර්තාවට අනුව එය රුපියල් 23,332,850 ක් ලෙස දැක්වෙන අතර මේ අතර ක්‍රිකට් ආයතනය වයස 23 න් පහළ දෙවන කොටසේ තරගාවලියක්ද පවත්වනු ලබයි. ඊට සහභාගී වීමට නියමිත කණ්ඩායම් සංඛ්‍යාව 22 කි.

ඛාන්ඩ 03 ක් යටතේ ඔවුන් ක්‍රීඩා කරනු ලබන අතර ඒ සදහා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 21 ක් වැයවන බව පැවසේ. එහෙත් ක්‍රිකට් ආයතනයේ අය වැය ලේඛනයේ දැක්වෙන්නේ රුපියල් 21,808,495 ක් ඒ සදහා වැයවන බවයි.

මේ අනුව තරගාවලි දෙකෙන් ක්‍රිකට් ආයතනයට අහිමිවන මුදල රුපියල් මිලියන 44 කි. ක්‍රිකට් ආයතනයේ අලෙව් අංශයේ නිලධාරිනියන් රැසක් සේවය කරන අතර ඔවුන් සියළුදෙනා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වැටුපක් ලබන අතර පසුගියදා නවක නිලධාරිනියක්ද අලෙවි අංශය සදහා බදවාගත්තේ අනුග්‍රාහකයින් සදහා සහයවීමටයි. එහෙත් මේ කිසිදු නිලධාරිනියක් නිසි ලෙස සේවය නොකිරීම හේතුවෙන් ක්‍රිකට් ආයතනයට ආධායමක් හිමිව නැත.

කෙසේ වෙත්ත මෙවන් තරගාවලි පැවැත්වීම තුලින් ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයින් හදුනාගැනීමට සහ ඔවුන්ට අත්දැකීම් ලබාදීමට හැකිවෙතත් එය ක්‍රිකට් ආයතනයට බරක් නොවන ලෙස පවත්වාගෙන යා යුතුව ඇත.

source - freehit

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us