ඉරාන ජනාධිපති අනිද්දා දිවයිනට

Published in පුවත්
Monday, 22 April 2024 09:38

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අනිද්දා මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවල දැක්වෙන්නේ, ඉරාන ජනාධිපතිවරයාගෙ පාකිස්ථානයේ සංචාරයකින් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සිදුකෙරෙනු ඇති බවයි.

කෙසේ වෙතත් ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන දිනය මෙතෙක් තහවුරු කර නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා පැමිණෙන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල ආරාධනය ඉරාන ජනාධිපතිවරයා පිළිගෙන ඇති බවයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අනිද්දා ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ.

2011 වසරේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ වැඩකටයුතු ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ආරම්භ කෙරුණු අතර,, පසුව මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන ද ඊට යෙදවූයේ ඉරානයට බලපෑ සම්බාධක හේතුවෙන් ය.

මේ අතර, නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද පාකිස්ථානයට පැමිණෙයි.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් මීට පෙර විවිධ වාර්තා පල වුවද, පකිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සංචාරය පිළිබඳ තොරතුරු තහවුරු කළේ ය.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us