වේදිකාවේ ගැටුණු දුම්රියේ සිද්ධියට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනමට

Published in පුවත්
Wednesday, 17 April 2024 07:12

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධියට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කර තිබේ.

හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් ඊයේ (15) පස්වරුවේ එලෙස වේදිකාවේ ගැටී තිබුණි.

ඉන් දුම්රිය වේදිකාවට දැඩි හානි සිදු වූ අතර මගීන් කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැත. අදාළ දුම්රිය වෙනුවට වෙනත් දුම්රියක් ධාවනයට පසුව පියවර ගෙන තිබේ.

හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ අදාළ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේදී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකිවී වේදිකාවේ ගැටීමෙන් අනතුරට ලක්වී තිබුණි.

අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ දුම්රිය රියදුරුගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us