පෞද්ගලික බැදුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය තවමත් එකඟතාවයක් නෑ

Published in පුවත්
Tuesday, 16 April 2024 09:37

පසුගිය මාසයේ ලන්ඩනයේ පැවති, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාල සාකච්ඡාවේ දී, පෞද්ගලික බැදුම්කර හිමියන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා දෙකක් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එකී යෝජනා ද්විත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කරන ලද නිර්නායක සමග නොගැලපීම මෙසේ එම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුවයි.

ඒ අනුව, පෞද්ගලික බැදුම්කර හිමියන් සහ රජයේ නියෝජිතයන් අතර ලන්ඩනයේ පැවති පළමු වටයේ සාකච්ඡා එකඟතාවයකට පැමිණීමෙන් තොරව අවසන් වී තිබේ.

කෙසේ වෙතත්, ජූනි මාසය වන විට, සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමටත්, ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමේ මීළඟ වාරිකය වූ ඩොලර් මිලියන 337 ක ලබා ගැනීමත් ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ලංඩන් සාකච්ඡා සදහා සහභාගී වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.

මේ වන විට, වොෂින්ටනයේ පැවැත්වෙන ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත රැස්වීම අවසන් වූ සැනින්, බැදුම්කර හිමියන් සමග දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කරන බව සාගල රත්නායක පවසයි.

එම සාකච්ඡාව සදහා සහභාගීවීමට මහබැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් වොෂින්ටනය බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාව ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂිත ණය වල මුලු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 37 කි. ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 20 ක් ම, පෞද්ගලික ණය හිමියන්ගෙන් ලබාගෙන තිබේ.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us