සංවිධානාත්මක ගැබිණි කල්ලිය අත්අඩංගුවට

Published in පුවත්
Monday, 25 March 2024 15:58

බස් වල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ නිරත, ගැබිණි කාන්තාවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම  සංවිධානාත්මක ගැබිනි කාන්තා කල්ලියක සාමාජිකාවන්  රුපියල් ලක්ෂයකට වැඩි හෙරොයින්  මත්කුඩු , කොල්ලකන ලද ලක්ෂ දෙකකට ආසන්න රන්මාලයක් සහ මුදල්  සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

තඹුත්තේගම කුඩාගම සහ බුලත්සිංහල පාර ඉංගිරිය  යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20, 23 සහ 30වියේ පසුවන ගැබිනි  කාන්තාවන් මෙලෙස සංවිධානාත්මක අපරාධවල යෙදී තිබේ.

කොළඹ සිට අනුරාධපුර දක්වා තඹුත්තේගම  හරහා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් මගී කාන්තාවක්  තම ගෙල බැඳි රන මාලය බස් රථය තුලදී කවුරුන් හෝ කඩා ගෙන ඇති බවට පැවසීමත් සමග බස් රථය අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත ධාවනය කර, එහිදී  සිදු කළ පරීක්ෂාවකදී සැකකාරියන්  තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

සංවිධානාත්මක අපරාධ ක්‍රියාවල යෙදෙන මෙම  කාන්තාවන් ඇතුළු කාන්තාවන් කල්ලිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සොරකම් සිද්ධි රැසකට   සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

Last modified on Monday, 25 March 2024 16:16

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us