සජිත් කල්ලිය සහ කූජිත කල්ලිය - එජාපය දෙකට බෙදේ.. සටන උණුසුම් Featured

Published in පුවත්
Saturday, 20 July 2019 23:03

එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන විට එජාපය අභ්‍යන්තරයේ ගොඩනැගී ඇති බල පොරය පැහැදිලිවම දෙපාර්ශ්වයක් අතර කුලල් කා ගැනීමක් බවට විතැන්ව තිබේ. එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවරෙක් විය යුතුද යන්න ගැන පසුගිය කාලයේ පැවැති සංවාද විසංවාද තීරණාත්මක කඩඉමකට ගෙන ආවේ මංගල සමරවීර ඇමැතිවරයා විසින්ය.

ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බව පවසා සිටියේය. මෙම ප්‍රකාශයත් සමඟ එජාපයේ කල්ලිවාදී කොටස් මංගලට එරෙහිව ක්‍රියාත්මක වූවා මෙන්ම සජිත් ප්‍රේමදාසට එරෙහිවද ක්‍රියාත්මක විය. ඒ අනුව එහි මුලිකත්වය ගනු ලැබුවේ රවී කරුණානායක ඇමැතිවරයාය. එසේම රාජිත සේනාරත්න. චම්පික රණවක, සරත් ෆොන්සේකා සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ සමීපතමයන්ද සජිත් ප්‍රේමදාසට එරෙහිව වෙන වෙනම කටයුතු කරන්න තැනට පත් විය. මේ අතර රනිල් වික්‍රමසිංහ විසින් චම්පික, රාජිත සහ ෆොන්සේකා යන අයටද ජනාධිපතිවරණ අපේක්ෂක ඇම යොදා දී තිබූ අතර ඔවුන් ඒ ගිල දැමීමද සිදු කර තිබිණි. මෙම කණ්ඩායම සජිත් ප්‍රේමදාස සමඟ එක්වීම වැලැක්වීමේ පියවරක් ලෙස වික්‍රමසිංහ මේ සූක්ෂම ක්‍රියාමාර්ගය ගනු ලැබීය, මේ වන විට ඒ හිතුවටත් වඩා සාර්ථක වී තිබේ. විශේෂයෙන්ම චම්පික රණවක ජනාධිපතිවරණ සිහිනයේ මෙතෙක් අන් අයට වඩා ගිලෙමින් සිටියේය.

ඒ කෙසේ නමුත් මේ වන විට රනිල් වික්‍රමසිංහ විසින් අවුලවනු ලැබූ සජිත් විරෝධය , සියලු සජිත් විරෝධීන් එක් අන්තයකට තල්ලු වී ගොස් එක්ව වැඩ කරන තැනට පත්ව තිබේ. රවී රාජිත චම්පික ෆොනී දැනටමත් පොදු එකඟතාවයක් අනුව කටයුතු කරන අතර රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක හරහා එම කණ්ඩායම සමඟ සම්බන්ධීකරණය පවත්වාගෙන යයි. මේ අතර කතානායක කරූ ජයසූරියව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට රනිල් පාර්ශ්වය ගන්නා උත්සායද ඔහුව සජිත්ගෙන් ගැලවීමේ උපක්‍රමයක් බව එජාප තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

මේ තත්වය එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයේ අප්‍රසාදයට ලක්ව තිබෙන අතර ඔවුන් මේ කණ්ඩායම හඳුන්වන්නේ එජාපයේ කූජිත කල්ලිය වශයෙනි. සජිත් ප්‍රේමදාස එජාපයේ ජනප්‍රියතම නායකයා බව, කළ සමීක්ෂණ ගනනාවකදීම හෙළිව තිබියදී එම තත්වයන වඩාත් වාසිදායක ලෙස පාවිච්චි කර එජාපය දිනවනවා වෙනුවට පෞද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් මෙම කුජිත කල්ලිය කටයුතු කිරීම කණගා‍ටුදායක බව ඔවුන් පෙන්වා දෙයි. සජිත්ට මේ රටේ මධ්‍යම පාන්තික ජන කොටස් දිනා ගැනීමට නොහැකි බවට කූජිත පාර්ශ්වය එල්ල කරන මතය ඉතා පසුවෙන් බැහැර කළ හැකි බවද පෙන්වා දෙන පසුපෙළ මන්ත්‍රීන් වඩා දියුණු ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙලක් ජනතාව හමුවට ඉදිරිපත් කර ඒ කෙරෙහි විශ්වාසය තහවුරු කළ හැකි නම් මෙම මධ්‍යම පාන්තික කොටස් දිනා ගත හැකි බව පෙන්වා දෙයි.. අනෙක් විරුද්ධ පක්ෂ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සලකා බැලීමේදී සජිත්ට මෙය ජය ගත හැකි බවද ඔවුන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම එජාපයේ පසුපෙළ මන්ත්‍රීන් සියලු දෙනාම පාහේ සිටින්නෙ සජිත් ප්‍රේමදාස ජනධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු අදහසේය.

පසුගිය්දා රවී කරුණානායක එජාප පසුපෙල මන්ත්‍රීන් කැඳවා තමන්ගේ මතයට නම්වා ගැනීමට ගත් උත්සාහයද අසාර්ථක වූයේ ඊට පසුපෙළ මන්ත්‍රීන් සිව් දෙනෙකු පමණක් සහභාගී වීම නිසාය. එම සිව් දෙනාද සජිත් පාර්ශ්වය නියෝජනය කරන පිරිසක් බවට පසුව අනාවරණය වී තිබිණි. එසේම පසුපෙල මන්ත්‍රීන් කණ්ඩායම් ලෙස අගමැතිවරයා මුණ ගැසී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කරුණු දැක්වීමට පසුගිය දින කිහිපයේදී කටයුතු කර තිබිණි.

කොහොම නමුත් මේ වන විට එජාපයේ බලවත් කණ්ඩායම බවට පත්ව ඇත්තේ සජිත් පාර්ශ්වයයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීයකු හා ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතා සමඟ සමීපව කටයුතු කරන මංගල සමරවීර වැනි පරිණත දේශපාලකයකු එම කණ්ඩායම සමඟ සිටීම සජිත් පාර්ශවයේ ශක්තිය තවදුරත් මුහහත් කරන්නකි.

අනෙක් කාරණය වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති තනතුර ආණ්ඩුකරණය සම්බන්ධයෙන් තව දුරටත් තීරණාත්මක වීම අවම කර ඇති තත්වයක් තුල වඩා වැදගත් වන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි.. එජාපය ජනාධිපතිවරණ අපේක්ෂකයා ‍තෝරා ගත යුත්තේ අනාගත ආණ්ඩුව හදන වැඩපිලිවෙල ප්‍රධාන කරගෙන මිසක් පෞද්ගලික වුවමනා එපාකම් අනුව නොවන බවද මෙම පසුපෙල මන්ත්‍රීන්ගේ අදහස වී තිබේ. සැබැවින්ම පක්ෂය තුල තරගයක් තිබිය යුත්තේ මහමැතිවරණය දිනා අගමැතිවරයා කවුද යන තීරණය කිරීමෙහි බව ද ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ නමුත් එජාපය අද සජිත් පිළත් ඔවුන් හඳුන්වන ලෙස කූජිත පිළත් අතර ගැ‍ටුම්කාරිත්වය සමනය නොවුණහොත් එජාපයේ ගමනක අවසානය මෙම ජනාධිපතිවරණයෙන් සනි‍ටුහන් වෙනු ඇති බව නම් පැහැදිලිය.

සැබැඳි පුවත් :

රවීගේ මඩ කොන්ත්‍රාත්තුවෙන් තීනියාවල පාලිතට, හිරු සහ දෙරණට වැඩ වරදී !

රවීගේ ගොට්ටෝ තීනියාවල පාලිත සමඟ ජාතිවාදය සරණ යයි.

එජාප ජනාධිපති අපේක්ෂක සටනේ.. ඉදිරියෙන්ම රනිල්

තීනියාවල පාලිත කහකඩධාරියා යහපාලනය උලා කෑ හැටි. (ප්‍රේතකථා වස්තුව)

එජාපයේ දිනන්න පුලුවන් අපේක්ෂකයා, කරූ.. - රවී

ගෝඨාභය ජනාධිපති සටනින් ඉවත් වේ...!!! සිරිසේන දැනට දිනුම්

ගෝඨාටව බේර ගන්නවද? හිරගෙදර යන්න අරිනවද ?..රාජපක්ෂ පවුලේ කචල්

ගෝඨා ඉවරයි.. සිරිසේන ජනාධිපති අපේක්ෂකයා.. සැලසුම සාර්ථකයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us